වල් කළුකුන් දෙදෙනෙක් ගමේ මංතීරුවේ සිටගෙන සිටියහ. මට කෙතරම් සමීප විය හැකිද? මම කල්පනා කළෙමි. දුවමින් සිටි මා, මගේ වේගය අඩු කර පසුව ඇවිදින්නට පටන් ගෙන ඉන්පසුව ගමන නතර කළෙමි. එය සාර්ථක විය. කළුකුන් දෙදෙනා මා දෙසට හැරී දිගටම පැමිණියහ. තත්පර කිහිපයකින්, මගේ ඉණ දෙසින්ද, පසුව මගේ පිටුපසින්ද ඔවුන්ගේ හිස් වනන්නට විය. එම හොට කෙතරම් තියුණුද? මම එයින් පැන දිව්වෙමි. ලුහුබැඳීම අත්හැරීමට පෙර ඔවුන් මා පසුපස හඹා ආහ.

මා වටා සිදුවී තිබු සිදුවීම් ඉතා ඉක්මනින් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ මාර්ගයක් ගත්තේය! එනම්, දඩයම් ලබන සතුන් දඩයක්කාරයෝ බවට පත් වූයේ කළුකුන් විසින් අවස්ථාව අල්ලා ගත් හෙයිනි. අඥාන ලෙස මා සිතුවේ උන් මට බය වෙයි කියාය. එයයි මගේ වැරැද්ද වූයේ. මම කුරුල්ලෙකුගෙන් නොසැලකිලිමත් ලෙස තුවාල වීමට සූදානම් නොවූ නිසා මම කළුකුන්ගෙන් පලා ගියෙමි.

කළුකුන් මෙන් නොව දාවිත් භයානක බවක් නොපෙන්වූ නිසා ගොලියත් ඔහුට ළං වන ලෙස මෙසේ අපහස කළේය. “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය” (1 සාමුවෙල් 17:44). දාවිත් මුලපිරීම අල්ලා ගත් විට පිටපත පෙරලුණි. ඔහු ගොලියත් වෙතට දිව ගියේ ඔහු අඥානවන්ත කෙනෙකු නිසා නොව නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය නිසාය. ඔහු කෑගසමින් මෙසේ කීවේය, “මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත” (46 පදය). මෙම ප්‍රචණ්ඩශීලී පිරිමි දරුවා ගැන ගොලියත් තුළ ප්‍රහේලිකාවක් ඇති විය. වෙන්නේ කුමක් දැයි ඔහු සිතන්නට ඇත. එවිට එය ඔහුට පහර දුන්නේ හරියටම ඇස් දෙක අතරටය.

යෝධයන්ව වැළැක්වීම සඳහා කුඩා සතුන් මිනිසුන්ගෙන් සහ එඬේරුන්ගෙන් පලා යාම ස්වාභාවිකය. අපේ ප්‍රශ්නවලින් සැඟවී සිටීම ස්වභාවිකයි. ස්වභාවිකත්වයට ඉඩ දෙන්නේ ඇයි? ඊශ්‍රායෙලයේ දෙවි කෙනෙක් සිටීද? එසේ නම්, උන්වහන්සේගේ බලයෙන්, සටන දෙසට දුවන්න.