නුහුරු නුපුරුදු ස්ථානයකට අපව රැගෙන යද්දී, GPS නොහොත් ගෝලීය ස්ථානගත පද්ධතියේ දිශාවන් පෙන්වීම වැරදි බව හදිසියේම මගේ සැමියා දුටුවේය. විශ්වාසනීය මංතීරු හතරක අධිවේගී මාර්ගයකට ඇතුළු වූ පසු, පිටවී සමාන්තරව දිවෙන එක් මංතීරුවක “ඉදිරිපස” මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස අපට උපදෙස් දෙන ලදී. කිසිදු ප්‍රමාදයක් නොදැක්කත්, “මම එය විශ්වාස කරමි,” කියා මගේ සැමියා වන ඩෑන් පැවසීය. කෙසේ වෙතත්, සැතපුම් දහයක් පමණ ගිය පසු, අපට යාබද අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය ක්‍රමයෙන් නතර විය. එයට හේතුව? ප්‍රධාන ඉදිකිරීම් සිදුවෙමින් තිබුණ නිසාය. ඉදිරිපස මාර්යේ වාහන තදබදය අඩු නිසා එය අපගේ ගමනාන්තයට පැහැදිලි මාර්ගයක් ලබා දුන්නේය. “මට ඉදිරිය දැකීමට නොහැකි විය, නමුත් ගෝලීය ස්ථානගත පද්ධතියට හැකි විය,” කියා ඩෑන් පැවසීය. නැතහොත්, අප එකඟ වූ පරිදි, “දෙවියන්වහන්සේට හැකි සේම මෙම තාක්ෂණයටද හැකි විය.”

ඉදිරිය කුමක් දැයි දැන සිටි දෙවියන්වහන්සේ, “යුදෙව්වරුන්ට රජව” (මතෙව් 2:2) සිටි යේසුස්වහන්සේට නමස්කාර කිරීමට නැගෙනහිර දෙසින් පැමිණි ප්‍රඥාවන්ත මිනිසුන්ගේ දිශාව සිහිනයකින් වෙනස් කළ සේක (මතෙව් 2:2). “ප්‍රතිවාදී” රජෙකුගේ ආරංචියෙන් කැළඹුණු හෙරොද් රජ, ශාස්ත්‍රඥයන්ට බොරු කියමින්, ඔවුන්ව බෙත්ලෙහෙමට යැව්වේ මෙසේ කියමිනි. “නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය” (8 පදය). “හෙරොද් වෙතට නැවත නොයන ලෙස” සිහිනයකින් අනතුරු ඇඟවීම් ලැබූ පසු, “ඔව්හු අන් මඟකින් තමුන්ගේ රටට ගියෝය ” (12 පදය).

දෙවියන්වහන්සේ අපගේ පියවර ද මෙහෙයවනු ඇත. අප ජීවිතයේ මහා මාර්ගවල ගමන් කරන විට, උන්වහන්සේ ඉදිරිය දකින බව විශ්වාස කළ හැකි අතර, අප උන්වහන්සේගේ මඟ පෙන්වීම්වලට යටත් වන විට “උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත ” (හිතෝපදේශ 3:6).