වෝක් ඔන් යනු 2007 දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ රෝස් බෝල් ශූර කණ්ඩායම සඳහා බඳවා නොගත් ක්‍රීඩකයෙකු බවට පත් වූ පාපන්දු අත්දැකීමක් නොමැති ශිෂ්‍යයෙකු වන බෙන් මැල්කම්සන්ගේ සිත් ඇදගන්නා මතක සටහන් ය. විශ්ව විද්‍යාල මාධ්‍යවේදියෙකු වන මැල්කම්සන් දුෂ්කර අත්හදා බැලීමේ ක්‍රියාවලිය පිළිබඳ පළමු පුද්ගල වාර්තාවක් ලිවීමට තීරණය කළේය. මෙය හේතුවෙන්, ඔහු කණ්ඩායමේ ගෞරවනීය ස්ථානයක් දිනා ගත්තේය. මෙම විශේෂ පිළිගැනීම, ඔහුට විශ්වාස කිරීමට නුපුළුවන් වූ සිද්ධියක් වුනි.

කණ්ඩායමට සම්බන්ධ වීමෙන් පසු, මැල්කම්සන්ගේ ඇදහිල්ල ඔහුට මෙම අනපේක්ෂිත අවස්ථාව තුළ දෙවියන්වහන්සේගේ අරමුණ සොයා ගැනීමට ඔහු තුළ බලපෑමක් ඇති කළේය. නමුත් ඇදහිල්ල පිළිබඳ සාකච්ඡා කෙරෙහි ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ උදාසීනත්වය ඔහුව අධෛර්යමත් කළේය. මඟ පෙන්වීමක් ඉල්ලා යාච්ඤා කරන විට, මැල්කම්සන් යෙසායාහි ප්‍රබල සිහිගැන්වීමක් කියෙව්වේය. එහිදී දෙවියන්වහන්සේ මෙසේ පවසයි: “මාගේ වචනයත්… මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත” (යෙසායා 55:11). යෙසායාගේ වචනවලින් ප්‍රබෝධමත් වූ මැල්කම්සන් නිර්නාමිකව කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම බයිබලයක් ලබා දුන්නේය. නැවතත්, ඔහු ප්‍රතික්ෂේප කිරීමකට ලක් විය. නමුත් වසර ගණනාවකට පසු, එක් ක්‍රීඩකයෙකු තමාට ලබා දී තිබූ බයිබලය කියවා ඇති බව මැල්කම්සන් දැනගත්තේය – ඔහුගේ ඛේදජනක මරණයට ටික කලකට පෙර ඔහු එම බයිබලයේ පිටු වලින් සොයා ගත් දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය සහ කුසගින්න පෙන්නුම් කළේය.

අපගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේව මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ බෙදාගෙන තිබුණත් එයට ප්‍රතිචාරය වශයෙන් උදාසීනත්වය හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම් සිදු වන්න ඇති. නමුත් අපි ක්ෂණික ප්‍රතිඵල නොදකින විට පවා, දෙවියන්වහන්සේගේ සත්‍යය බලවත් වන අතර උන්වහන්සේගේ කාලය තුළ උන්වහන්සේගේ අරමුණු ඉටු කරනු ඇත.