එය වසර 1916 වන අතර නෙල්සන් ඔහුගේ උපන් ගම වන (ඇමෙරිකාවේ පිහිටි) වර්ජිනියාවේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා තිබුණි. එම වසරේ අගභාගයේදී ඔහු ඔහුගේ විවාහයෙන් මාස හයක් ගතවූ මනාලිය සමඟ චීනයට පැමිණියේය. වයස අවුරුදු විසි දෙකේදී ඔහු අවම වශයෙන් මිලියන දෙකක චීන වැසියන් සිටින ප්‍රදේශයක ඇති එකම රෝහල වන ප්‍රේමය සහ දයාවේ රෝහලේ (Love and Mercy Hospital) – ශල්‍ය වෛද්‍යවරයකු බවට පත්විය. නෙල්සන්, ඔහුගේ පවුලේ අය සමඟ තවත් වසර විසිහතරක් රෝහල පවත්වාගෙන යමින්, ශල්‍යකර්ම සිදු කරමින් සහ දහස් ගණන් ජනයා සමඟ ශුභාරංචිය බෙදා ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වූයේය. විදේශිකයන් අවිශ්වාස කළ අය විසින් වරක් “විදේශීය යක්ෂයා” ලෙස හැඳින්වූ නෙල්සන් බෙල් පසුව “චීන ජනයාගේ පෙම්වතා වන බෙල්” ලෙස ප්‍රකට විය. ඔහුගේ දියණිය රූත් පසුව ඉවැන්ජලිස්ත බිලී ග්‍රැහැම් සමඟ විවාහ වීමට නියමිතව සිටියාය.

නෙල්සන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු සහ බයිබල් ගුරුවරයකු වුවද, බොහෝ අය යේසුස්වහන්සේ වෙතට ඇදී ගියේ ඔහුගේ කුසලතා නිසා නොව, ඔහුගේ චරිතය සහ ඔහු ශුභාරංචිය අනුව ජීවත්වූ ආකාරය දැකීමෙනි. ක්‍රීතෙහි සභාව රැකබලා ගනිමින් සිටි තරුණ අන්‍යජාතික නායකයා වන තීතස්ට පාවුල් ලියූ ලිපියේ, ඔහු පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් ජීවත් වීම අතීශයින්ම වැදගත් වන්නේ එයට ශුභාරංචිය “ආකර්ශණීය” කළ හැකි නිසාය යනුවෙනි (තීතස් 2:10). නමුත් අපි මෙය කරන්නේ අපේම ශක්තියෙන් නොවේ. දෙවියන්වහන්සේගේ කරුණාව, අපගේ ඇදහිල්ලේ සත්‍යයන් පිළිබිඹු කරමින් (1 පදය) “සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද ” (13 පදය) ජීවත් වීමට අපට උපකාර කරයි .

අප වටා සිටින බොහෝ අය තවමත් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොදන්නා නමුත් ඔවුන් අපව හඳුනති. උන්වහන්සේගේ පණිවිඩය පිළිබිඹු කිරීමට සහ ආකර්ශණීය ආකාරවලින් හෙළි කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා…