2020 මාර්තු මාසයේදී, ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ තමාගේ බල්ලා සමග ඇවිදිමින් සිටියදී, විශ්‍රාමික මූල්‍ය විශේෂඥයෙකු වන විට්නි කලින් අසා නොතිබුණු පුණ්‍යායතනයක නමක් සහිත ට්‍රක් රථ, තාර ශීට් මිටි සහ සුදු කූඩාරම්, දුටුවේය. ඒ සෑම එකකම කුරුසියක් සටහන් කර තිබුණි. කණ්ඩායම කෝවිඞ්-19 වයිරසයෙන් පෙළුණු ඔහුගේ සෙසු නිව්යෝර්ක් වැසියන් සඳහා තාවකාලික රෝහලක් ඉදිකරන බව ඔහු සොයාගත් විට, තමාටත් උදව් කළ හැකිදැයි ඔහු විමසීය. සති ගණනාවක්, විවිධ ඇදහිලි සහ දේශපාලන පසුබිමින් පැමිණි අය සමඟ, ඔහු සහ ඔහුගේ පවුලේ අය හැකි සෑම තැනකම උදව් උපකාර කළහ. විට්නි ප්‍රකාශ කළේ, “මට හමු වූ සෑම පුද්ගලයෙක්ම අවංකව හොඳ පුද්ගලයෙක්” බවයි. එසේම “අපගේ ඉතා ගැඹුරු අවශ්‍යතා ඇති පැයේදී මගේ නගරයට උපකාර කිරීමට” කිසිවෙකු ඔවුන්ට මුදල් නොගෙවීම ගැන ඔහු ප්‍රශංසා කළේය.

කොරෝනා වයිරස් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ දැවැන්ත අවශ්‍යතාවලට ප්‍රතිචාර වශයෙන්, සේවයේ අනුමාන කළ නොහැකි හවුල්කරුවන් එක්රැස් කරන ලද අතර, යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය අන් අය සමඟ බෙදා ගැනීමට නව අවස්ථා ලබා දෙන ලදී. කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැකීම පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:16) කියාය. ප්‍රේමණීය, කාරුණික සහ යහපත් වචන සහ ක්‍රියාවන් තුළ අපට මඟ පෙන්වීමට ආත්මයාණන්වහන්සේට ඉඩ දීමෙන් අපි ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය බබළවමු (බලන්න: ගලාති 5:22-23). යේසුස්වහන්සේගෙන් අපට ලැබුණු ආලෝකය අපගේ දෛනික ජීවිතය තුළ පැහැදිළිව බැබළීමට අපි ඉඩ දෙන විට, අපගේ “ස්වර්ගයෙහි පියාණන්වහන්සේට ගෞරවය ගෙන ඒමද” අපි කරන්නෙමු (මතෙව් 5:16).

මේ දවසේ සහ සෑම දිනකම ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි බැබළෙමු. මන්දයත් උන්වහන්සේව දැඩි ලෙස අවශ්‍යවන ලෝකයකට ලුණු සහ ආලෝකය වන්න උන්වහන්සේ අපට උපකාර කරන හෙයිනි.