සෑම දිනකම පැය ගණනක් රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් පසු, වයස් ගත මනුෂ්‍යයා කලබලයට හා කනස්සල්ලට පත් විය – ලෝකය කඩා වැටී තමාවත් ඒ සමඟ රැගෙන යන බවට කණස්සල්ලට පත්විය. “කරුණාකර එය නිවා දමන්න,” ඔහුගේ වැඩිහිටි දියණිය ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. “ඇහුම්කන් දීම නවත්වන්න.” නමුත් මෙම මනුෂ්‍යයා සමාජ මාධ්‍ය සහ වෙනත් ප්‍රවෘත්ති මූලාශ්‍රවල අධික කාලයක් ගත කළේය.

අප සවන් දෙන දේ ගැඹුරින් කා වදින්නේය. යේසුස්වහන්සේ පොන්තියුස් පිලාත්ව හමුවීමෙන් මෙය අපට පෙනේ. ආගමික නායකයන් යේසුස්වහන්සේට විරුද්ධව එල්ල කළ අපරාධ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පිලාත් උන්වහන්සේව කැඳවා: “නුඹ යුදෙව්වරුන්ගේ රජ” දැයි ඇසුවේය (යොහන් 18:33). යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ පුදුමාකාර ප්‍රශ්නයක් ඇසීමෙනි: “නුඹම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කීවෝ දැයි” ඇසූ සේක (34 පදය).

එම ප්‍රශ්නයම අපට එල්ල වෙයි. භීතියෙන් පිරුණු ලෝකයක, අපි ව්‍යාකූල ප්‍රවෘත්තිවලට සවන් දෙනවාද එසේ නැති නම් ක්‍රිස්තුස්වහන්සේට සවන් දෙනවාද? ඇත්තෙන්ම, “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් හඳුනමි” කියා උන්වහන්සේ පැවසූ සේක. “ඔවුහු මා පස්සේ එති” යැයි කී සේක (10:27). යේසුස්වහන්සේ “මේ උපහැරණය ” (6 පදය) යොදාගත්තේ සැක කරන ආගමික නායකයන්ට තමා කවුරුදැයි පැහැදිලි කිරීමටයි. උන්වහන්සේ පැවසුවේ හොඳ එඬේරෙකු ලෙස “බැටළුවෝ ද ඔහුගේ හඬ හඳුනන බැවින් ඔහු පස්සේ යති. උන් අන්‍යන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලා යන්නේය” යනුවෙනි (4-5 පද).

අපගේ යහපත් එඬේරා ලෙස, සියල්ලටම වඩා උන්වහන්සේට සවන් දෙන ලෙස යේසුස්වහන්සේ අපට අණ කරන සේක. අපි හොඳින් සවන් දී උන්වහන්සේගේ සමාදානය සොයා ගනිමු.