ස්ටෑටිස්ටා වෙබ් අඩවියට අනුව ඇමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතය ඉතා කෙටිය. සාමාන්‍යයෙන් වසර 3යි මාස 4කි කි. ඒ සමඟම ප්‍රතිවාදීන්ගේ මූලික ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටී ටොම් බ්‍රැඩි නමැති ක්‍රීඩකයා 2021 දී, සිය විසිදෙවන තරඟාවලිය ආරම්භ කළේ වයස අවුරුදු හතළිස් හතරේදී ය. කෙසේද? සමහර විට ඔහුගේ, ජනප්‍රිය දැඩි ආහාර රටාව සහ ව්‍යායාම චර්යයාව නිසා තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඔහුට හැකි වී තිබීම විය හැකිය. බ්‍රැඩිගේ සුපර් බෝල් මුදු හත නිසා ඔහුට ඇමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ “මෙතෙක් බිහිවූ විශිෂ්ටතම” ක්‍රීඩකයා ලෙස සම්මානය පිරිනැමුණි. නමුත් මෙම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට ජීවිතයේ වෙනත් දේවල් ගැන කල්පනා නොකොට, පාපන්දු පරිපූර්ණත්වය සඳහා ඔහුගේ තනි මනසින් ලුහුබැඳීමට විශාල කැපවීමක් හෝ ජීවිතයේ පරිත්‍යාගයක් කිරීමට සිදුවිය. මෙම කැපවීම නොමැතිව ඔහුට කිසි කලෙක මෙම සම්මානය අත්පත් කරගැනීමට නොහැකි වෙයි.

අපෝස්තලු පාවුල් ඔහුගේ කාලයේ ඒ හා සමාන හික්මවීම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් හඳුනා ගත්තේය (1 කොරින්ති 9:24). එහෙත් ඔවුන් කෙතරම් පුහුණු කළද අවසානයේ ඔවුන්ගේ තේජස වියැකී යන බවද ඔහු දුටුවේය. ඊට පටහැනිව, සදාකාලයට බලපාන ආකාරයෙන් යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අපට අවස්ථාවක් තිබෙන බව ඔහු කීවේය. තාවකාලික කීර්තිය සඳහා වෙහෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි නම්, “නොදිරන්නාවූ ඔටුන්නක් ” සඳහා ජීවත් වන අය ඊට කොපමණ වැඩියෙන් මහන්සි විය යුතුද, යන්න පාවුල් අඟවන්නේය (25 පදය).

අපි ගැළවීම උපයා ගැනීමට පුහුණුවීම් නොකරමු. නමුත් කරන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයකි: අපගේ ගැළවීම කෙතරම් ආශ්චර්යමත්ද යන්න අප වටහා ගෙන, දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ අදහිල්ලෙන් අපි සියලු දෙනාම අපගේම දිවීම විශ්වාසවන්තව දුවද්දී එය අපගේ ප්‍රමුඛතාවයන්, අපගේ ඉදිරි දර්ශනය සහ අප ජීවත් වන දේ නැවත සකස් කරන්නේය.