කොරෝනා වෛරස් වසංගතය තුළ නිරෝධායනය වී සහ රට වසා දැමූ දිනවලදී, ඇමෙරිකානු කළු ජාතික නායකයෙක්වූ කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං විසින් ලියන ලද ඔහුගේ “බර්මින්හැම් බන්ධනාගාරයෙන් ලිපියක්” යන්නෙහි වදන් සත්‍ය විය. ඔහු අයුක්තිය ගැන කතා කරමින්, ඔහුට එක් නගරයක හුදකලාවේ වාඩි වී තවත් නගරයක සිදුවන දේ ගැන කරදර නොවී සිටිය නොහැකි බව සඳහන් කළේය. “අපි ගැළවිය නොහැකි අන්‍යෝන්‍ය ජාලයකට හසු වී සිටිමු,” යැයි ඔහු පැවසීය. ඔහු තව දුරටත් පැවසුවේ “දෛවයේ තනි ඇඳුමකින් අප බැඳ ඇති අතර, කෙනෙකුට ඍජුව බලපාන යමක් තිබේද, එය අප හැමෝටම වක්‍රව බලපානවා ඇත” කියාය.

එසේම, වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ලොව පුරා නගර සහ රටවල් වසා දැමු බැවින් කෝවිඞ්-19 වසංගතය අපගේ සම්බන්ධතාවය ඉස්මතු කළේය. එක් නගරයකට බලපෑ දේ ඉක්මනින්ම තවත් නගරයකට බලපෑ හැකිය.

සියවස් ගණනාවකට පෙර, අන් අය කෙරෙහි සැලකිල්ල දැක්විය යුතු ආකාරය ගැන දෙවියන්වහන්සේ තම සෙනඟට උපදෙස් දුන් සේක. මෝසෙස්ගේ මාර්ගයෙන් උන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වීමට සහ එකට ජීවත් වීමට උපකාර කිරීම පිණිස නීති ලබා දුන්සේක. උන්වහන්සේ ඔවුන්ට පැවසුවේ “නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න” (ලෙවී කථාව 19:16); සහ පළිගැනීමක්වත් හෝ වෛරයක්වත් හෝ නොවී, “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න” කියාත්ය (18 පදය). මිනිසුන් අන් අය ගැන සොයා නොබලමින්, තම ජීවිතය මෙන් අනුන්ගේ ජීවිතය අගය නොකරන්නේ නම්, ප්‍රජාවන් අතර සම්බන්ධය හීන වීම සහ කැඩීමට පටන් ගන්නා බව දෙවියන්වහන්සේ දැන සිටිසේක.

අපටත් දෙවියන්වහන්සේගේ උපදෙස්වල ප්‍රඥාව වැළඳගත හැකියි. අපගේ දෛනික ක්‍රියාකාරකම්වල යෙදෙමින් ගමන් කරන විට, අන් අයට හොඳින් ප්‍රේම කරන්නේ කෙසේද සහ ඔවුන්ට සේවය කරන්නේ කෙසේදැයි අප දෙවියන්වහන්සේගෙන් අසන විට අප අනුන් සමඟ කෙතරම් අන්තර් සම්බන්ධතාවයක් ඇත්ද යන්න අපට දැක බලා ගත හැකිය.