මට ඔහුව මුණගැසුණේ 1970 ගණන්වල මම උසස් පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ පැසිපන්දු පුහුණුකරුවෙකුව සිටියදීය. ඔහු උස, කෙට්ටු නවකයෙක් විය. වැඩි කල් නොගොස් ඔහු මගේ පැසිපන්දු කණ්ඩායමේ සහ මගේ පන්තිවල සිටි අතර මිත්‍රත්වයක් ඇති විය. මා සමඟ වසර ගණනාවක් සහෝදර කර්තෘවරයකු ලෙස සේවය කළ මේ මිත්‍රයාම මගේ විශ්‍රාම සාදයේදී මා ඉදිරියේ පෙනී සිටිමින් අපේ දිගුකාලීන මිත්‍රත්වය ගැන බෙදාගත්තේය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් සම්බන්ධ වන මිතුරන් අපව දිරිමත් කරන සහ අපව යේසුස්වහන්සේ වෙතට ළං කරන අය වීම සිදුවන්නේ කෙසේද? හිතෝපදේශ කතුවරයා මිත්‍රත්වය දිරිගන්වන කොටස් දෙකක් ඇති බව තේරුම් ගෙන ඇත: පළමුව, සැබෑ මිතුරන් වටිනා උපදෙස් ලබා දෙයි, එය ලබා දීම හෝ ගැනීම පහසු වුවත් නැතත් (27:6): “මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ” කියා ලේඛකයා පැහැදිලි කරයි. දෙවනුව, අසල සිටින සහ ප්‍රවේශ විය හැකි මිතුරෙකු අර්බුදකාරී කාලවලදී වැදගත් වේ: “ලඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය”(10 පදය).

අප ජීවිතය තනියම ගමන් කිරීම අයහපත්ය. සාලමොන් සඳහන් කළ පරිදි: “එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය” (දේශනාකාරයා 4:9). ජීවිතයේ දී, අපට මිතුරන් සිටිය යුතු අතර අප මිතුරන් විය යුතුය. “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වීමට;” (රෝම 12:10) සහ “එකිනෙකාගේ බර උසුලා,” ගෙන (ගලාති 6:2) – සහ අනෙක් අයව යේසුස්වහන්සේගේ ප්‍රේමයට ළං කර ගැනීම පිණිස දිරිමත් කරන ආකාරයේ මිතුරෙකු වීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.