අමන්දා වැඩිහිටි නිවාස කිහිපයක් අතර මාරුවෙන් මාරුවට සේවය කරන ආගන්තුක හෙදියක් ලෙස සිටින අතර බොහෝ විට ඇගේ එකොළොස් හැවිරිදි දියණිය රූබිවද රැකියාවට ගෙන එයි. යමක් කිරීමට සිතූ, රූබි නිවැසියන්ගෙන් “ඔබට ඕනෑම දේවල් තුනක් ලැබෙන්නේ නම්, ඔබ ඉල්ලන්නේ කුමක්ද?” යනුවෙන් අසා ඔවුන්ගේ පිළිතුරු ඇගේ සටහන් පොතේ සටහන් කර ගත්තාය. පුදුමයට කරුණක් නම්, ඔවුන්ගේ බොහෝ ආශාවන් කුඩා දේවල් විය – වියානා සොසේජස්, චොකලට් පයි, චීස්, අලිගැට පේර යනාදියයි. එබැවින් රූබි විසින් ඔවුන්ගේ කුඩා ආශාවන් සඳහා ඔවුන්ට උපකාර කිරීමට GoFundMe නොහොත් ”මට අරමුදල් ලබාදෙන්න” යන ව්‍යාපෘතියක් පිහිටුවන ලදී. ඇය මේ දේවල් ලබා දෙන විටදී, ඔවුන්ව ආදරයෙන් වැළඳ ගත්තාය. “එය ඔබව ඔසවයි. ඒය ඇත්තටම සිදුවේ” යැයි ඇය කියයි.

අපි රූබි මෙන් දයානුකම්පාව සහ කරුණාව පෙන්වන විට, “දයාවන්ත, අනුකම්පාවෙන් පූර්ණ …මහත් කරුණාවෙන් යුක්ත” අපගේ දෙවියන්වහන්සේව අපි පෙන්වන්නෙමු (ගීතාවලිය 145:8). අපෝස්තලු පාවුල් දෙවියන්වහන්සේගේ සෙනඟ වන අපෙන් ඉල්ලා සිටියේ “දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද ගන්නා” ලෙසය (කොලොස්සි 3:12). දෙවියන්වහන්සේ අපට මහත් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා, අපි නිරායාසයෙන්ම උන්වහන්සේගේ අනුකම්පාව අන් අය සමඟ බෙදා ගැනීමට ආශා කරන්නෙමු. අපි හිතාමතාම එසේ කරන විට, අපි එවා “පැළඳ ගන්නෙමු.”

පාවුල් තවදුරටත් අපට මෙසේ පවසයි: “මේ සියල්ලට උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳ ගන්න” (14 පදය). එමෙන්ම, ඔහු අපට මතක් කර දෙන්නේ: “සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්” (17 පදය), සියලු යහපත් දේ ලැබෙන්නේ දෙවියන්වහන්සේගෙන් බව අප සිහිපත් කර ගත යුතු බවයි. අපි අනෙක් අයට කරුණාවන්ත වන විට, අපගේ ආත්මයන් ඔසවනු ලබන්නෝය.