මිනිසෙක් සහ මිතුරන් කිහිප දෙනෙක් හිම කුණාටු අනතුරු ඇඟවීමේ සලකුණු සහිත ස්කී රිසෝට් ගේට්ටුවක් හරහා ගොස් හිම මත නැගීම ආරම්භ කළහ. දෙවෙනි ගමනේදී, කවුරුන් හෝ “ඇවලාංචේ!” කියා, කෑගැසුවේය. (එනම් කඳු මතින් හිම කඩා වැටෙන බවයි). නමුත් එම මිනිසාට පැන යාමට නොහැකි වූ අතර හිම වලට යට වී ඔහු මිය ගියේය. ඇතැමුන් ඔහුව විවේචනය කළේ නවකයකු ලෙස හඳුන්වමිනි. නමුත් ඔහු එසේ නොවීය; ඔහු “හිම කුණාටු පිළිබඳ දැනුමැති මාර්ගෝපදේශකයෙක්” විය. එක් පර්යේෂකයෙක් පැවසුවේ හිම කුණාටු සඳහා වැඩිපුරම පුහුණුවක් ලබා ඇති හිම මත ලිස්සා යාමේ ක්‍රීඩකයින් වැරදි තර්කවලට යටත් වීමට වැඩි ඉඩක් ඇති බවයි. “ස්නෝබෝඞ් ධාවකයා මිය ගියේ ඔහුගේ ආරක්ෂාව ගැන නොසැලකිලිමත් වූ නිසාය.”

ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට යාමට සූදානම්ව සිටියදී, දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ උන්වහන්සේගේ සෙනඟට ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට, එනම්, ආරක්ෂිතව සහ සෝදිසියෙන් සිටීමටය. එබැවින් උන්වහන්සේ ඔවුන්ට අණ කළේ උන්වහන්සේගේ සියලුම “අණ පනත් සහ නීති” වලට (ද්විතීය කථාව 4:1-2) කීකරු වන ලෙසත්, අකීකරු වූවන් පිළිබඳ උන්වහන්සේගේ අතීතයේ විනිශ්චය මතක තබා ගන්නා ලෙසත්ය (3-4 පද). ඔවුන් පරෙස්සමින් තමන්වම සෝදිසි කර බැලීමටත් සහ ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතය ගැන සෝදිසියෙන් සිටීමටත් අවශ්‍ය විය (9 පදය). මෙය ඔවුන්ට පිටතින් පැමිණෙන ආත්මික අන්තරායන්ගෙන් සහ ඇතුළතින් ආත්මික උදාසීනත්වයෙන් ආරක්ෂා වීමට උපකාර වනු ඇත.

අපගේ ආරක්ෂාව පහත හෙළා උදාසීනත්වයට සහ ආත්ම වංචනයට ලක්වීම අපට පහසු ය. නමුත් දෙවියන්වහන්සේට, අපට ජීවිතයේ වැටෙන අවස්ථාවලින් වැළකී සිටීමට ශක්තිය ලබා දිය හැකි අතර අප වැටෙන අවස්ථාවලදී උන්වහන්සේගේ කරුණාවෙන් සමාවද ලබා දෙන සේක. උන්වහන්සේව අනුගමනය කිරීමෙන් සහ උන්වහන්සේගේ ප්‍රඥාව හා ප්‍රතිපාදන මත රැඳී සිටීමෙන්, අපට අපගේ ආරක්ෂාව තබාගෙන හොඳ තීරණ ගත හැකිය!