“විවේකය” නමින් හඳුන්වන කාව්‍යයේ කවියා “විවේක” කාලය “වැඩ” වලින් වෙන් කිරීමේ අපගේ ප්‍රවණතාවයට මෘදු ලෙස අභියෝග කරන්නේ “සැබෑ විවේකය / සැබෑ වෙහෙස සමඟ ඇති එකක් නොවේද?” යනුවෙනි. ජීවිතයේ යුතුකම් මග හැරීමට උත්සාහ කිරීම වෙනුවට ඔබට සැබෑ විවේකය අත්විඳීමට අවශ්‍ය නම්, කතුවරයා ඉල්ලා සිටින්නේ, “තවමත් ඔබේ උපරිමය කරන්න; එය භාවිතා කරන්න, එය නාස්ති නොකරන්න, – / නැත්නම් එය විවේකයක් නොවේ. / ඔබ අසල සුන්දරත්වය දකිනවාද? ඔබ අසල? වටේටම? / එවැනි දර්ශනයක් හමු විය හැක්කේ රාජකාරිය තුළ පමණි යනුවෙනි.

සැබෑ විවේකය සහ ප්‍රීතිය යන දෙකම ප්‍රේමය තුළිනුත් සහ සේවය තුළිනුත් සොයාගත හැකි බව කවියා නිගමනය කරයි – එය තෙසලෝනිකවරුන්ට පාවුල්ගේ දිරිගැන්වීම සිහියට ගෙන එමින් “දෙවියන්වහන්සේට ඔබින ලෙස හැසිරෙන්න.” (1 තෙසලෝනික 2:11) යනුවෙන් විස්තර කරයි,

එමෙන්ම ඔහු එවන් ජීවිතයක් ලෙසට අඳින චිත්‍රයට – නිහඬ නොවෙනස් වන අවංක සහ උතුම් ගුණය, ප්‍රේමය සහ සේවය ඇතුලත් වේ. පාවුල් දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නේ “නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනෙක් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකරන” ලෙසයි (3:12). තවද ඔහු යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටින්නේ “නිශ්චලව සිටින්ට උත්සාහ කරන මෙන්ද”, “නුඹලාගේම කාරණා බලාගන්නා මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩ කරන මෙන්ද” අවවාද කරමිනි (4.12). එවැනි ජීවිතයක් මගින් දෙවියන්වහන්සේ අපට හැකියාව ලබා දී ඇති ඕනෑම ආකාරයකින් නිහඬව ප්‍රේම කරමින් සේවය කරමින්, ඇදහිලිවන්ත ජීවිතයක සුන්දරත්වය අන් අයට හෙළි කළ හැකිය (11 පදය).

එසේත් නැතිනම්, ලේඛකයා පවසන පරිදි, සැබෑ ප්‍රීතිය යනු “ප්‍රේම කිරීමටත් සහ සේවය කිරීමටත් / උසස්ම සහ හොඳම දෙයයි; / ‘ඉදිරියට! නොසැලෙමින් – / එය සැබෑ විවේකයයි”.