1941 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සොක්‍රටික් සමාජය පිහිටුවන ලදී. එය පිහිටුවන ලද්දේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් සහ අදේවවාදීන් හෝ අඥෙයවාදීන් අතර වාද විවාද දිරිමත් කිරීම සඳහාය. (අදේවවාදියෙකු යනු දෙවි කෙනෙකු හෝ අන් දෙවිවරුන් සිටින බව විශ්වාස නොකරන කෙනෙකුටය, අඥෙයවාදියෙකු යන්නෙන් අදහස් කරන්නේ දෙවි කෙනෙක් සිටීද යන්න නොදන්නා, එසේත් නැතිනම් එවැනි දෙයක් දැනගත හැකිද? කියා සැකයක් තිබෙන අයෙක්ය)

ආගමික හෝ අධ්‍යාත්මික නොවන විශ්ව විද්‍යාලයක ආගමික විවාදයන් අසාමාන්‍ය දෙයක් නොවේ, නමුත් පුදුමයට කරුණ නම් සොක්‍රටික් සමාජයේ වසර පහළොවක් මුලසුන දැරුවේ කවුද යන්නයි – එනම්, ශ්‍රේෂ්ඨ ක්‍රිස්තියානි විශාරද වූ සී. එස්. ලුවිස් යන තැනැත්තාය. ඔහුගේ චින්තනය පරීක්ෂා කරනවාට කැමැත්තෙන් සිටි ලුවිස් විශ්වාස කළේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල විශාල පරීක්ෂණයකට ලක්විය හැකි බවයි. යේසුස්වහන්සේව විශ්වාස කිරීමට විශ්වාස කළ හැකි, තාර්කික සාක්ෂි තිබෙන බව ඔහු දැන සිටියේය.

එක් අතකින්, ලුවිස් විසින්, පීඩාවලින් විසිරී ගිය ඇදහිලිවන්තයන්ට පේත්‍රැස්ගේ උපදෙස් පිළිපදිමින්, “නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය” (1 පේතෘස් 3. 15) යනුවෙන් ඔවුන්ට සිහිපත් කළේය. පේත්‍රැස් ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කරයි: ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුව සඳහා අපට හොඳ හේතු තිබෙන අතර අපගේ තර්කය “මෘදුකමෙන් හා ගෞරවයෙන්” ඉදිරිපත් කළ යුතු බවයි.

ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීම යනු ආගමික පලා යෑමක් හෝ ප්‍රාර්ථනා කරන චින්තනයක් හෝ නොවේ. අපගේ ඇදහිල්ල පදනම් වී ඇත්තේ ස්වාමීන් වන යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම සහ එහි මැවුම්කරුවාණන්ට සාක්ෂි දරන මැවිල්ලේ සාක්ෂි ඇතුළුව ඉතිහාසයේ කරුණු මත ය. අපි දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ ආත්මයාණන්ගේ ශක්තිය තුළ රැඳී සිටින විට, අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට අපට ඇති හේතු බෙදා ගැනීමට අපි සූදානම් වෙමු.