2010 දී, ලස්ලෝ හැන්යෙච් (Laszlo Hanyecz) විසින් බිට්කොයින් (bitcoin) නැමති ඩිජිටල් මුදල් වර්ගය මාර්ගයෙන් පළමු මිලදී ගැනීම කළේය (ඩිජිටල් මුදල් ඒකකයක් එවකට සතයක් බැගින් වටිනාකමින් යුක්තය). ඔහු බිට්කොයින් 10,000 ක් ගෙව්වේ ඩොලර් 25ක් වටිනා පීට්සා දෙකක් මිළදී ගැනීම සඳහාය. 2021 දී, වසර තුළ එහි ඉහළම අගය වන විට, එම බිට්කොයින්වල වටිනාකම ඩොලර් මිලියන 500 කට වඩා වැඩි වනු ඇත. වටිනාකම ඉතා ඉහළට නැගීමට පෙර, ඔහු කාසි වලින් පීට්සා සඳහා ගෙවමින්, මුළු එකතුව වන බිට්කොයින් 100,000 ක් වියදම් කළේය. ඔහු එම බිට්කොයින් තබා ගත්තේ නම්, ඒවායේ වටිනාකම ඔහුව හැට අට ගුණයකින් වැඩි වී ඔහුව ප්‍රකෝටිපතියෙකු බවට පත් කර ෆෝබ්ස් සඟරාවෙහි ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතරට පත් කිරීමට ඉඩ තිබුණි. ඒ ඔහු පැමිණෙන්නේ කුමක්දැයි දැන සිටියේ නම් පමණි.

ඇත්ත වශයෙන්ම, හැන්යෙච්ට මෙය ගැන දැන ගැනීමට බොහෝ දුරට ඉඩකඩ නොතිබුණි. අපි කාටවත් එය ගැන දැන ගැනීමට පුළුවන් කමක් නැත. අනාගතය තේරුම් ගැනීමට සහ පාලනය කිරීමට අපි දැඩි උත්සාහයන් දැක්වූවත්, දේශනාකාරයා මෙවන් සත්‍යයක් නාද කරයි: “මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි” යන්නයි (10:14). අපගෙන් සමහරෙක් අපි දන්නවාට වඩා දන්නා බව සිතමින් වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය හෝ අනාගතය පිළිබඳ යම් විශේෂ අවබෝධයක් අප සතුව තිබේ යැයි සිතන්නෙමු. නමුත් දේශනාකාරයා පැහැදිලිවම අසන පරිදි: “ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?” (14 පදය). කිසිම කෙනෙකු නොමැත.

දේව වචනය ප්‍රඥාවන්ත සහ ආඥානවන්ත පුද්ගලයන් දෙදෙනෙකු සංසන්දනය කරන අතර ඔවුන් දෙදෙනා අතර ඇති බොහෝ වෙනස්කම් වලින් එකක් නම් අනාගතය පිළිබඳ නොදැනුවත්කම පිළිබඳ යටහත්කමයි (හිතෝපදේශ 27:1). ඔවුන් තීරණ ගන්නා විට, ක්ෂිතිජයට එහායින් ඇති දේ සැබවින්ම දන්නේ දෙවියන්වහන්සේ පමණක් බව ප්‍රඥාවන්ත පුද්ගලයන් හඳුනා ගනියි. නමුත් ආඥානවන්ත මිනිසුන් තමුන්ට නැති දැනුමක් උපකල්පනය කරයි. අපගේ අනාගතය සැබවින්ම දන්නා එකම තැනැන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට අපට ප්‍රඥාව ලැබේවා.