මම ආරෝග්‍ය ශාලාවක ළදරුවන් සඳහා වෙන් කර තිබූ කාමරයක ජනේලයෙන් බැලූ විට අලුත උපන් බිළිඳකු පළමු වතාවට දැක්කෙමි. එකල මම යෞවන වියේ සිටියෙමි. මගේ නොදැනුවත්කම නිසා, හිසකෙස් නැති, කේතුකාකාර හිසක් ඇති, කුඩා රැලි සහිත දරුවෙකු දැකීමෙන් මගේ සිත කැලඹුණි. කෙසේ වෙතත්, අප අසල සිටගෙන සිටී දරුවාගේ මවට, “ඔහු ලස්සනයි නේද?” කියා සෑම කෙනෙකුගෙන්ම ඇසීම නතර කළ නොහැකි විය. මට ඒ මොහොතේ මතක් වුණේ තරුණ පියෙකු තමාගේ පුංචි දුවට “ඔයා හරිම ලස්සනයි” කියන ගීතය ඉතා මෘදු ලෙස ගායනා කරන වීඩියෝවක් ගැනයි. අතීශයෙන් ප්‍රීතිමත් පියාට, මෙතෙක් නිර්මාණය කරන ලද ලස්සනම දෙය එම දැරිය විය.

දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ එලෙසද? එපීස 2:10 කියන්නේ අපි උන්වහන්සේගේ “අත්වැඩ” කියාය – එනම්, උන්වහන්සේගේ විශිෂ්ට කෘතිය කියාය. අපේම වැරදි සහ අඩුපාඩු නිසා, උන්වහන්සේ අපට කොතරම් ආදරය කරනවාද හෝ උන්වහන්සේට අපව වටිනා බව පිළිගැනීමට හෝ විශ්වාස කිරීමට අපට අපහසු විය හැක. නමුත් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ අපි ප්‍රේමය ලැබීමට සුදුසු නිසා නොවේ (3-4 පද); උන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ උන්වහන්සේ ප්‍රේමය වන නිසාය (1 යොහන් 4:8). උන්වහන්සේ ප්‍රේම කරන්නේ අපට දක්වන කරුණාව නිසා වන අතර, උන්වහන්සේ එහි ගැඹුර පෙන්වා දුන්නේ, අප අපගේ පාපවලින් මිය ගොස් සිටි අවස්ථාවේදී යේසුස්වහන්සේගේ පූජාව තුළින් උන්වහන්සේ අපට ජීවනය ලබා දුන් බැවිනි (එපීස 2:5 සහ 8).

දෙවියන්වහන්සේගේ ප්‍රේමය අස්ථීර නොවේ. එය නියත ය. අසම්පූර්ණ අයට, කැඩුණු, දුර්වල අය සහ අවුල් සහගත ලෙස ජීවත් වන අය වෙත උන්වහන්සේ ප්‍රේමය දක්වන සේක. අපි වැටෙන අවස්ථාවේදී, අපව එසවීමට උන්වහන්සේ සිටින සේක. අපි උන්වහන්සේගේ සම්පත වන අතර, උන්වහන්සේ ඉදිරියේ අපි ඉතා අලංකාරය.