කිසියම් දිනක ඔබ විෂඝෝර නයෙක් (rattle snake) අසළ සිටියේද? එසේ නම්, ඔබ ඌ ළඟට යන විට ‘කට – කට‘ යන ශබ්දය අධික වන බව ඔබ අසා ඇති. කරන්ට් බයලොජි නොහොත් වර්තමාන ජීවවිද්‍යාව නමැති විද්‍යාත්මක සඟරාවේ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තර්ජනයක් ළං වන විට මෙම සර්පයන් ඔවුන්ගේ ශබ්දය වැඩි කරන බවයි. මෙම “ඉහළ-සංඛ්‍යාත” නොහොත් අධික ගැස්ම හේතුකොටගෙන උන් අප සිතනවාට වඩා බොහෝ ආසන්නව සිටිතියි අපට සිතීය හැකිය. එක් පර්යේෂකයෙක් පැවසූ පරිදි, “අසන්නන් විසින් දුරස්ථභාවය වැරදි ලෙස අර්ථකථනය කිරීම… දුරස්ථ ආරක්ෂණ ක්‍රමයක් නිර්මාණය කරයි” (වෙන වචනයෙන් කියනවා නම්, මෙම වැරදි ලෙස අර්ථකථනය උන්ටත් අපටත් ආරක්ෂාව ලබා දෙයි.

ගැටුමකදී කෝපය ප්‍රදර්ශනය කිරීමට කෑ ගැසීමට යොමුවීමෙන් අන් අයව ඉවතට තල්ලු කරන පරුෂ වචන සමඟ මිනිසුන්ට සමහර විට ශබ්දය වැඩි කළ හැකිය. හිතෝපදේශ කතුවරයා මෙවැනි අවස්ථා සඳහා ඥානවන්ත උපදෙස් කිහිපයක් බෙදා ගනියි “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහා හට ගනියි” (හිතෝපදේශ 15:1). ඔහු තවදුරටත් පවසන්නේ “ශාන්තිදායක” සහ “ප්‍රඥාවන්ත” වචන “ජීවන වෘක්ෂයක්” සහ “දැනුම” ලබා දෙන මූලාශ්‍රයක් විය හැකි බවයි (4, 7 පද).

අප ගැටුම් ඇති කර ගන්නා අයට මෘදු ලෙස ආයාචනා කිරීමට යේසුස්වහන්සේ මූලික හේතු සපයා ඇත: එනම් අපව උන්වහන්සේගේ දරුවන් බව හෙළි කරන “ප්‍රේමය දැක්වීම (මතෙව් 5:43-45) සහ සමගිය සෙවීම – ඔවුන්ව දිනා ගැනීම” යනාදියයි (18:15). ගැටුම් වලදී අපගේ හඬ නැගීම හෝ අකාරුණික වචන භාවිතා කිරීම වෙනුවට, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් උන්වහන්සේ අපට මඟ පෙන්වන පරිදි අපි අන් අයට ශිෂ්ටත්වය, ප්‍රඥාව සහ ප්‍රේමය පෙන්වමු.