තවත් සතියකට පසු තවත් සෞඛ්‍යමය පසුබෑමකට ලක්ව, මම සෝෆාව මත වැතිරුණෙමි. කිසිම දෙයක් ගැන සිතීමට මට අවශ්‍ය නොවීය. මම කිසිවෙකු සමඟ කතා කිරීමට පවා කැමති නොවීමි. මට යාච්ඤා කරන්න පවා අපහසු විය. මම රූපවාහිනිය ක්‍රියාත්මක කළද, අධෛර්ය සහ සැකය මගේ ශරීරයේ අමාරුකම් වලට එකතු වී තිබුණේය. කුඩා දැරියක් ඇගේ බාල සොහොයුරා සමඟ කතා කරන ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් මම නැරඹීමට පටන් ගතිමි. “ඔබ ශූරයෙක්” ඇය පැවසුවාය. ඇය දිගටම ඔහුට තහවුරු කරන විට ඔහුගේ සිනහව වැඩි විය. ඒ සමඟ මාත් සිනහසුණෙමි.

දෙවියන්වහන්සේගේ සෙනඟ හැමවිටම අධෛර්ය වීම හා සැකය සමග සටන් කර ඇත. ශුද්ධාත්මයාණන් තුළින් දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන බව සනාථ කරන ගීතාවලිය 95 උපුටා දක්වමින් හෙබ්‍රෙව් ලේඛකයා පවසන්නේ පාළුකරයේ ඉබාගාතේ යන විට ඊශ්‍රායෙල්වරුන් විසින් කරන ලද වැරදිවලින් වැළකී සිටින ලෙස තමන් යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයන්ට අනතුරු අඟවන බවය (හෙබ්‍රෙව් 3:7-11). “සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න” කියා ඔහු ලිව්වේය. “දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න” කියා ඔහු තව දුරටත් ලිවීය (12-13 පද).

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ජීවන මාර්ගය සුරක්ෂිත කර තිබීමත් සමඟ, අපට විඳ දරාගැනීමට අවශ්‍ය බලයෙන් පිරුණු දිරිය අත්විඳිය හැකිය: එනම්, ඇදහිලිවන්තයන්ගේ සහයෝගීතාවය තුළ අන්‍යෝන්‍ය දිරිගැන්වීමයි (13 පදය). එක් ඇදහිලිවන්තයෙකු තුළ සැක ඇතිවූ විට, අනෙක් ඇදහිලිවන්තයන්ට ඔහුව හෝ ඇයව ධෛර්යමත් කළ හැකිය. වගකිව හැකිය. දෙවියන්වහන්සේ අපව එනම්, උන්වහන්සේගේ සෙනඟ ශක්තිමත් කරන විට, අපට එකිනෙකාට අන්‍යෝන්‍ය දිරිගැන්වීමේ බලය පිරිනැමිය හැකිය.