නත්තලට පෙර කාර්යබහුල දිනක, මගේ නිවස අසල සෙනග පිරි තැපැල් කාර්යාලයේ තැපැල් කවුන්ටරය වෙත වයස්ගත කාන්තාවක් පැමිණියාය. ඇයගේ මන්දගාමී ගමන දෙස බලා සිටි ඉවසිලිවන්ත තැපැල් නිලධාරියා, “හොඳයි, ආයුබෝවන්, තරුණ නෝනා!” යනුවෙන් ඇයට ආචාර කළේය. ඔහුගේ වචන මිත්‍රශීලී විය, නමුත් සමහරුන්ට ඇසෙන පරිදි “වයසින් බාල” යැයි පැවසීම වඩා හොඳ වනු ඇත.

මහලු වයස අපගේ බලාපොරොත්තු දිරිගන්වන බව දැකීමට බයිබලය අපට උගන්වයි. යෝසෙප් සහ මරියා විසින් බිළිඳු යේසුස්වහන්සේව ඔප්පු කරන පිණිස දේවමාළිගාවට ගෙන ආ විට (ලූක් 2:23; නික්මයාම 13:2ල 12 බලන්න), වයෝවෘද්ධ ඇදහිලිවන්තයන් දෙදෙනෙක් හදිසියේ ප්‍රධාන ස්ථානය ගත්හ.

පළමුව, මෙසියස්ව දැකීමට වසර ගණනාවක් බලා සිටි සිමියොන් – “උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ: ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය” (ලූක් 2:28-32).

සිමියොන්, මරියා සහ යෝසෙප් සමඟ කතා කරමින් සිටියදී “ඉතා මහලු” අනාගතවක්තෘවරියක් වන අන්නා (36 පදය) පැමිණියාය. විවාහ වී වසර හතෙන් වැන්දඹුවක් වූ ඇය වයස අවුරුදු අසූහතර දක්වා දේවමාළිගාවේ ජීවත් වූවාය. කිසිදා පිටව නොගිය ඇය “රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කළාය.” ඇය යේසුස්වහන්සේව දුටු විට, ඇයද දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය” (38 පදය).

මේ බලාපොරොත්තුවෙන් සිටින සේවකයන් දෙදෙනා අපට මතක් කර දෙන්නේ, අපගේ වයස කුමක් වුවත්, මහත් බලාපොරොත්තු ඇතිව දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටීම කිසිදාක නතර නොකරන ලෙසයි.