මරියා ඇගේ ක්ෂණික දිවා ආහාරය හිස් මේසයක් වෙත රැගෙන ගියාය. ඇය තම ‘බනිස් ගෙඩිය‘ තමාගේ මුඛය වෙතට ගෙන යන අවස්ථාවේදී ඇගේ දෑස් මේස කිහිපයක් ඉදිරියෙන් වාඩිවී සිටි තරුණයෙකුගේ දෑස් දෙසට යොමු විය. ඔහුගේ ඇඳුම් අපිරිසිදු වී තිබුණි, ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුණි, ඔහු හිස් කඩදාසි කෝප්පයක් අල්ලාගෙන සිටියේය. පැහැදිලිවම, ඔහු කුසගින්නේ සිටියේය. ඇයට ඔහුට උදව් කළ හැක්කේ කෙසේද? මුදල් ත්‍යාගයක් නුවණට හුරු නැති බවක් පෙනෙන්නට තිබුණි. ඇය කෑම වේලක් මිල දී ගෙන එය ඔහුට දුන්නොත්, ඔහු අපහසුතාවයට පත් විය හැකිද?

ධනවත් ඉඩම් හිමියෙකු වූ බෝවස් දුප්පත් සංක්‍රමණික වැන්දඹුවට තම කෙත්වලින් අහුලා ගැනීමට ආරාධනා කළ රූත්ගේ කතාව මරියාට මතක් වූයේ එවිටය. ඔහු තම මිනිසුන්ට මෙසේ අණ කළේය: “ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය” (රූත් 2:15-16). තම පැවැත්ම සඳහා පිරිමින් සමඟ ඇති සම්බන්ධය මත සම්පූර්ණයෙන්ම යැපෙන සංස්කෘතියක සිටින කාන්තාවන්ට, දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය සැපයුම ගැන බෝවස් පෙන්නුම් කළේය. අවසානයේදී, බෝවස්, රූත් සමඟ විවාහ වූ අතර, ඇයගේ බරපතල අවශ්‍යතාවයන්ගෙන් ඇයව මුදවා ගත්තේය (4:9-10).

මරියා පිටත්ව යාමට නැඟී සිටින විට ඇය කළේ ඒ මිනිසාගේ දෑස් මානයේ මේසයක් මත ඇගේ අත නොදැමූ අල පෙති පැකට්ටුව තැබීමය. ඔහුට බඩගිනි නම්, ඇගේ “ක්ෂණික ආහාර නැමැති කෙත්වලින්” අහුලා ගැනීමට ඔහුට පුළුවන. දිරිගැන්වීම සඳහා නිර්මාණාත්මක විසඳුම් පෙන්වා දෙමින් දෙවියන්වහන්සේගේ හදවත ගැන දේව වචනයේ කථාවලින් හෙළි වේ.