අපගේ අලුතින් ආරම්භ කළ බයිබල් පාඩම් කණ්ඩායමේ සිටි කාන්තාවන් ඛේදවාචක රාශියකට මුහුණ දුන් විට, අපි ගැඹුරු පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා බව අපට තේරුම් ගියේය. පියෙකුගේ වියෝව, දික්කසාදයෙන් පසු විවාහ සංවත්සරයේ වේදනාව, සම්පූර්ණයෙන් බිහිරි දරුවෙකුගේ උපත, හදිසි ප්‍රතිකාර ඒකකයට දරුවෙකු රැගෙන යාම සඳහා ඉතා වේගයෙන් පැමිණීමේ අත්දැකීම වැනි දේ කෙනෙකුට තනිවම කර ගෙන යාමට පහසු කාර්යයන් නොවේ. එක් එක් පුද්ගලයාගේ දුර්වලතාවය වඩාත් විනිවිදභාවයට හේතු විය. අපි එකට හඬා වැළපෙමින් යාච්ඤා කළ අතර නාඳුනන පිරිසක් ලෙස ආරම්භ වූ අප කණ්ඩායම, සති කිහිපයකින් සමීප මිතුරන් පිරිසක් බවට පත් විය.

සභා ශරීරයේ කොටසක් ලෙස, යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ දුක් වේදනාවලදී මිනිසුන් සමඟ ගැඹුරු හා පෞද්ගලික ආකාරයකින් සම්බන්ධවීමට හැකි වේ. ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන් එකට බැඳ තබන සම්බන්ධතා රඳා පවතින්නේ අප එකිනෙකා දැන සිටි කාලය හෝ අපට පොදු දේවල් හෝ මත නොවේ. ඒ වෙනුවට අප කරන්නේ පාවුල් පැවසූ පරිදි “එකිනෙකාගේ බර” ඉසිලීමය (ගලාති 6:2). දෙවියන්වහන්සේගේ ශක්තිය මත රඳා සිටිමින්, අප සවන් දෙමින්, අප සංවේදිතාවය පෙන්නුම් කරමින් සහ අපට කළ හැකි තරමට උදව් කරමින් යාච්ඤා කරමු. “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු” (10 පදය). පාවුල් පවසන්නේ අපි එසේ කරද්දී අප ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉටු කරන බවයි (2 පදය): එනම්, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමත් සහ අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමත්ය. ජීවිතයේ පීඩාකාරී තත්ත්වයන් දරාගත නොහැකි වන නමුත් බර සැහැල්ලු කිරීම සඳහා උන්වහන්සේ අපට සභා පවුල ලබා දී ඇත.