අපි අපේ මෝටර් රථය මිදුලේ නවතා ඒ හරහා ගොස් අපගේ නිවසට යන, සෑම විටම පාහේ තුත්තිරි වර්ගයක්  අපගේ ඇඳුම් වලට ඇළවෙයි. මෙය විශේෂයෙන්ම වර්ෂා කාලයේදී දකින්නට තිබේ. මෙම කුඩා තුත්තිරි ඇඳුම් පැළඳුම්, සපත්තු හෝ ඒ අසලින් යන ඕනෑම දෙයකට සම්බන්ධ වී ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය වෙත ගමන් කරයි. එය මගේ මිදුලේ සහ ලොව පුරා තුත්තිරි බීජ ව්‍යාප්ත කිරීමේ ස්වභාවික ක්‍රමයයි.

මම තදින් ඇලී තිබෙන තුත්තිරි ඉවත් කිරීමට උත්සාහ කරන විට, මගේ සිතට බොහෝ විට පැමිණියේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට අවවාද කරන පණිවිඩයයි, එනම්, “යහපතට ඇලුම්වෙන්න” යන්නයි (රෝම 12:9). අපි අන් අයට ප්‍රේම කිරීමට උත්සාහ කරන විට, එය අභියෝගාත්මක විය හැකිය. කෙසේ වෙතත්, ශුද්ධාත්මයාණන්වහන්සේ අප සතුව ඇති සියල්ල සමඟ යහපත් දේ අල්ලා ගැනීමට අපට උපකාර කරන බැවින්, අපට නපුර පිටුදැකිය හැකි අතර උන්වහන්සේ අපට මඟ පෙන්වන පරිදි අපගේ ප්‍රේමයෙහිද “අවංක” විය හැකිය (9 පදය).

තුත්තිරි අතින් පිස දැමීමෙන් වැටෙන්නේ නැත, ඒවා අප මත එල්ලී සිටියි. එසේම, අපි යහපත් දේ කෙරෙහි අවධානය යොමු කරන විට, එනම්, දෙවියන්වහන්සේගේ දයාව, කරුණාව සහ ආඥාවන් කෙරෙහි අපගේ මනස යොමු කරමින් සිටියදී, අපටද, උන්වහන්සේගේ ශක්තිය තුළ අප ප්‍රේම කරන අය වෙත තදින් ඇලී සිටිය හැක. අන් අයගේ අවශ්‍යතා අපගේ අවශ්‍යතා වලට වඩා ඉහළින් තැබීමට අපට මතක් කරමින් “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න” උන්වහන්සේ අපට උපකාර කරන සේක (10 පදය).

එසේය. තුත්තිරි බීජ අභියෝගාත්මක විය හැක, නමුත් ඒවා මට මතක් කර දෙන්නේ අන් අයට ප්‍රේමයෙන් ඇලී සිටීමට සහ “යහපත් දේ” දෙවියන්වහන්සේගේ බලයෙන් තදින් අල්ලා ගැනීමටයි (9 පදය; සහ පිලිප්පි 4:8-9).