ආර්ජන්ටිනාවේ ලේඛක ජෝර්ජ් ලුයි බෝර්ගේස්ගේ කෙටිකතාවක රෝම සොල්දාදුවෙකු වන මාකස් රූෆස් “මරණයට ආසන්නව සිටින මිනිසුන්ව පවිත්‍ර කරන රහස් ගංගාවකින්” ඔහු පානය කරන බව පවසයි. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන්, මාකස් තේරුම් ගන්නේ සදාකාලික බව යනු කියනාකාරයේ දෙයක් නෙවන බවයි: එනම්, සීමාවන් නොමැති ජීවිතයක් යනු වැදගත්කමක් නැති ජීවිතයකි. ඇත්ත වශයෙන්ම, ජීවිතයට අරුතක් ලබා දෙන්නේ මරණයයි. මාකස් ප්‍රතිවිරෝධකයක් සොයා ගනියි – එනම්, ඉතා පිරිසිඳු ජල උල්පතකි. එයින් බීවායින් පසුව ඔහු තම අත කටුවකින් තුවාල කර ගත් අතර නැවත ප්‍රතිෂ්ඨාපනය වූ මරණයට යටත් බව සංකේතවත් කරන ලේ බිඳුවක් සෑදුණේය.

මාකස් මෙන්, අපිත් සමහර විට ජීවිතයේ පරිහානිය සහ මරණයේ අපේක්ෂාව ගැන බලාපොරොත්තු සුන්කර ගන්නෙමු (ගීතාවලිය 88:3). මරණය ජීවිතයට වැදගත්කමක් දෙන බවට අපි එකඟ වෙමු. නමුත් කථාව වෙනස් වන්නේ මෙහිදීය. මාකස් මෙන් නොව, අපේ ජීවිතයේ සැබෑ අර්ථය අපි සොයා ගනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් බව අපි දනිමු. කුරුසිය මත උන්වහන්සේගේ ලේ වැගිරීමත් සමඟ ක්‍රිස්තුස්වහන්සේ මරණයට එරෙහිව ජයගත් අතර මරණය ජයග්‍රහණයෙන් ගිල දැමූ සේක (1 කොරින්ති 15:54). අපට නම්, ප්‍රතිවිරෝධය ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ “ජීවමාන ජලය” තුළය (යොහන් 4:10). අපි එය පානය කරන නිසා, ජීවිතය, මරණය සහ අමරණීය ජීවිතය පිළිබඳ සියලු නීති වෙනස් වී ඇත (1 කොරින්ති 15:52).

අප ශාරීරික මරණයෙන් …. බේරෙන්නේ නැති බව … සත්‍යයකි, නමුත් කාරණය එය නොවේ. යේසුස්වහන්සේ විසින් ජීවිතය සහ මරණය පිළිබඳ අප තුළ මෙතෙක් තිබූ වැරදි මත භේද සුන් කළ සේක (හෙබ්‍රෙව් 2:11-15). ක්‍රිස්තුස්වහන්සේ තුළ, අපට ස්වර්ගයේ බලාපොරොත්තුව සහ උන්වහන්සේ සමඟ සදාකාලික ජීවිතයේ අර්ථවත් ප්‍රීතිය පිළිබඳ සහතිකයක් ලබා දෙන සේක.