“ස්ටාර් ට්‍රැක්” (Star Trek) නමැති රූපවාහිනී කතා මාලාවේ විලියම් ෂැට්නර් නැමැති නලුවා කැප්ටන් කර්ක් ලෙස රඟපෑවේය. මෙහිදී ඔහු අභ්‍යවකාශයට යන සැබෑ ගමනක් සඳහා සූදානම්ව නොසිටියේය. නමුත් ඔහු, තමාගේ විනාඩි එකොළහක අභ්‍යවකාශයේ පියාසැරීම හැඳින්වූයේ “මට සිතාගත හැකි වඩාත්ම ගැඹුරු අත්දැකීම” ලෙසය. ඔහු රොකට් යානයෙන් එළියට බැස්ස විට, ඔහු මවිතයට පත් විය, – “නිල් වර්ණය ඔබ ළඟින්ම යනවා දැකීමත් සහ දැන් ඔබ කළුවර දිහා බලාගෙන සිටීමත්, එයයි පුදුමයට පත්වීමට කාරණය”. ඔබ “පහළ බලන විට, එය ‘නිල්’ පැහැයත් සහ ඉහළ බලන විට එය ‘කළු’ පැහැයත් වන්නේය,” කියා පැවසූ ඔහු, තවදුරටත් පැවසුවේ, “කොතරම් අලංකාර වර්ණයක්ද, එය ඉතා සිහින් වන අතර ඔබ ක්ෂණයකින් එය තුළින් යන්නේය”

අපේ ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම අඳුරකින් වට වූ නිල් පැහැති තිතක්ය. එය නොසන්සුන්ය. ෂැට්නර් පැවසුවේ නිල් අහසේ සිට කළු පැහැයට පියාසර කිරීම මරණයට පියාසර කිරීම හා සමාන බවයි. “ක්ෂණයකින්, ඔබ යන්නේය, අහෝ, එය මරණයයි! මම දුටුවේ එයයි. එය මට එතරම්ම හැඟීම් බර වුණිද. මෙම අත්දැකීම, එය ඇදහිය නොහැකි තරම් දෙයක්” ය.

ෂැට්නර්ගේ පියාසැරිය ජීවිතය ඉදිරි දර්ශනයක තබයි. අපි විශ්වයේ ඇති කුඩා වස්තූන් වේ. එහෙත්, ආලෝකය මවා එය අන්ධකාරයෙන් වෙන් කළ තැනැන්වහන්සේ අපට ප්‍රේම කරනු ලබන සේක (උත්පත්ති 1:3-4). අන්ධකාරය වාසය කරන ස්ථානය සහ එහි වාසස්ථානයට යන මාර්ගය අපගේ පියාණන්වහන්සේ දන්නා සේක (යෝබ් 38:19-20). උන්වහන්සේ
“පොළොව පිහිටෙවු කල …….. පහන් තාරකා එක්ව ගීතිකා කරමින්, දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා කරමින් සිටියහ” (4-7 පද).

මුළු විශ්වයම උන්වහන්සේගේ දෑතේ දරා සිටින දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ කුඩා ජීවිතයන් විශ්වාසයෙන් භාර කරමු.