නිවසක භාවිතා කළ භාන්ඩ විකුණන විටදී, කාඩ්බෝඩ් පෙට්ටියක තිබී යේසු බිලිඳාගේ උපන් දින කට්ටලයක් මට හමු විය. මම යේසු බිලිඳාගේ ප්‍රතිමාව ගත් විට, ළදරුවාගේ සිරුරේ සියුම් ලෙස කැටයම් කර ඇති කොටස් මම දුටුවෙමි. මෙම අලුත උපන් බිළිඳා ඇස් වසාගෙන උණුසුම් රෙදි වලින් ඔතා නොතිබුණේය. එම ප්‍රතිමාවේ යේසු බිලිඳා අවදිව සිටින බව පෙන්වූ අතර දිගු කළ දෑත්වල ඇඟිලිද දිගු කර තිබුණි. “මම මෙතන සිටිමි!” යැයි උන්වහන්සේ කියන බව පෙනෙන්නට විය.

මෙම ප්‍රතිමාවෙන් නත්තලේ ආශ්චර්යය නිරූපණය වන්නේය – එනම්, දෙවියන්වහන්සේ තම පුත්‍රයා මිනිස් සිරුරකින් පොළොවට එවූ බවයි. යේසුස්වහන්සේගේ ළදරු ශරීරය පරිණත වන විට, උන්වහන්සේගේ කුඩා අත් සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කර, ව්‍යවස්ථාව අතින් ගෙන, පසුව උන්වහන්සේගේ දේව සේවය ආරම්භ කිරීමට පෙර උන්වහන්සේ ගෘහ භාණ්ඩ සකස් කරමින් සිටිසේක. වරක් උපතේදී හුරුබුහුටි හා පරිපූර්ණ වූ උන්වහන්සේගේ පාද, ඉගැන්වීමට සහ සුව කිරීමට උන්වහන්සේව තැනින් තැනට ගෙන යාමට වර්ධනය වුණි. උන්වහන්සේගේ ජීවිතය අවසානයේදී උන්වහන්සේගේ ශරීරය කුරුසියේ තබා ගැනීම සඳහා මෙම මිනිස් අත් සහ පාද ඇණ වලින් සිදුරු වනු ඇත.

“එම ශරීරය තුළින් අපගේ පාප උදෙසා පූජාවක් ලෙස තමන්වහන්සේගේ පුත්‍රයා දෙමින් අපව පාලනය කරන ලද පාපයේ අවසානය දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සේක” යනුවෙන් රෝම 8:3 පවසයි. අපගේ සියලු වැරදි සඳහා ගෙවීමක් ලෙස යේසුස්වහන්සේගේ පූජාව පිළිගෙන අපගේ ජීවිත උන්වහන්සේගේ ආධිපත්‍යයට යටත් කරන්නේ නම්, පාපයේ වහල්භාවයෙන් අපව නිදහස් වනු ඇත. මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා අප වෙතට උපත ලැබුවේ සැබෑවූ, දඟලන, පයින් ගසන ළදරුවෙකු ලෙස බැවින්, එම දරුවා දෙවියන්වහන්සේ සමඟ සාමය ඇති කර ගැනීමට මාර්ගයක් සහ උන්වහන්සේ සමග සදාකාලිකයට සහතිකයක්ද වනු ඇත.