එක්තරා සමාගමක් 1998 දී ලොව වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන සමාගම බවට පත් වූ අතර 1999 දී ඩොලර් බිලියන හතරක් දක්වා ලාභය ඉහළ යනු දුටුවේය. නමුත් 2011 වන විට අලෙවිය අඩු වෙමින් පැවති අතර ඉක්මනින්ම අසාර්ථක වූ දුරකථන සමාගමේ වෙළඳපොල මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. පෙර කී ආයතනයේ ජංගම දුරකථන අංශයේ අසාර්ථකත්වයේ එක් සාධකයක් වූයේ විනාශකාරී තීරණ වලට තුඩු දුන් සේවකයින් භිය වැද්දීම් මත පදනම් වූ වැඩ සංස්කෘතියකි. ඔවුන්ගේ දුරකථනයේ බාල මෙහෙයුම් පද්ධතිය සහ වෙනත් සැළසුම්වල ගැටළු පිළිබඳව සත්‍යය පැවසීමට කළමනාකරුවන් මැලි වූයේ ඔවුන් සේවයෙන් පහ කරාවිය යන බියෙනි.

යූදාහි ආහාස් රජු සහ ඔහුගේ සෙනඟ බියට පත් වී – “වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක් මෙන් චංචල වුණේය” (යෙසායා 7:2). ඉශ්‍රායෙලයේ සහ අරම් (සිරියාවේ) රජුන් මිත්‍ර වී ඇති බව ඔවුන් දැන සිටි අතර, ඔවුන්ගේ ඒකාබද්ධ හමුදා එය අත්පත් කර ගැනීම සඳහා යූදා වෙත ගමන් කරමින් සිටී බවත් දැනගෙන සිටියෝය (5-6 පද). තම සතුරන්ගේ සතුරු සැලසුම් “සිද්ධ නොවන්නේය” (7 පදය) කියා ආහාස් දිරිමත් කිරීමට දෙවියන්වහන්සේ යෙසායා යොදා ගත්තද, ආඥානවන්ත නායකයා බියෙන් අසිරියාව සමඟ මිත්‍ර වී සුපිරි බලවතාගේ රජුට යටත් වීමට තීරණය කළේය (2 රාජාවලිය 16:7-8). “නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුය” (යෙසායා 7:9) කියා පැවසූ දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන් විශ්වාසය තැබුවේ නැත.

අද දින ඇදහිල්ලේ ස්ථිරව සිටීම කෙබඳුදැයි සළකා බැලීමට හෙබ්‍රෙව් ලේඛකයා අපට උපකාර කරයි: “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක” (හෙබ්‍රෙව් 10:23). යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ශුද්ධාත්මයාණන්වහන්සේ අපට බලය දෙන බැවින් අපි “පසුබට නොවී” (හෙබ්‍රෙව් 10:39) ඉදිරියට ගමන් කරමු.