පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද, ජීවත් වීමට පැටියා දැනගත යුතු දේ ඌට ඉගැන්වීමට ඉදිරිපත්විය. ආච්චි මාළු ටිකක් කනවා වෙනුවට පැටවාට උන් අල්ලාගැනීමට පහසුකර දුන්නාය. ඒ නිසා ඌ කෑම වේලක් පමණක් නොව, කන්නේ මොනවාදැයි ඉගෙන ගත් අතර තමාට ජීවත් වීමට අවශ්‍ය සැමන් මත්ස්‍යයා සොයා ගත හැකි ස්ථානයද සොයා ගන්නා ලදී.

අප දන්නා දේ බෙදා හැරීමේ සුවිශේෂී ගෞරවය සහ ප්‍රීතිය අපටද ඇත. දෙවියන්වහන්සේගේ අපූරු ක්‍රියා සහ චරිතය ගැන අප පසුපස එන අය සමඟ අපට බෙදා ගත හැකිය. වයස්ගත ගීතිකාකරු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ: “ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් … ප්‍රකාශකරන තෙක්” ඔහුට ඉඩ දෙන ලෙසටයි (ගීතාවලිය 71:18). දෙවියන්වහන්සේ ගැන ඔහු දන්නා දේ, එනම්, අප සමෘද්ධිමත් වීමට අවශ්‍ය උන්වහන්සේගේ “ධර්මිෂ්ඨකම සහ ගැළවීම” (15 පදය) අන් අය සමඟ බෙදා ගැනීමට ඔහු උනන්දුවෙන් සිටියි.

අපට මහලු වියේ සුදු හිසකෙස් නොමැති වුවද (18 පදය), දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ විශ්වාසවන්තකම අප අත්විඳ ඇති ආකාරය ප්‍රකාශ කිරීමෙන් යමෙකුට උන්වහන්සේ සමඟ යන ගමනේදී එය ප්‍රයෝජනවත් විය හැක. එම ප්‍රඥාව බෙදා ගැනීමට අපගේ ඇති කැමැත්ත නිසා එම පුද්ගලයාට විපත්තිවලදී පවා ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වීමට හා සමෘද්ධිමත් වීමට අවශ්‍ය දෙය එය විය හැකිය (20 පදය).