1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන – ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් – චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර උත්සවයේදී, බෝමන් පැවසුවේ, “නත්තලට පෙර දිනදී, මෙතෙක් මිනිස් හඬකට සවන් දෙන විශාලතම ශ්‍රාවක පිරිසක් සිටින්නට යන බව අපට පැවසූහ. ඒ වගේම නාසා ආයතනයෙන් අපට ලැබුණු එකම උපදෙස වුයේ “සුදුසු දෙයක් කරන” ලෙසය. ඇපලෝ 8 ගගනගාමීන් විසින් කථා කරන ලද බයිබල් පද තවමත් ඓතිහාසික පටිගත කිරීම් අසන, මිනිසුන්ගේ හදවත් තුළ සත්‍යයේ බීජ රෝපණය කරන්නේය.

යෙසායා අනාගතවක්තෘගේ මාර්ගයෙන් දෙවියන්වහන්සේ පවසන්නේ “නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය” (යෙසායා 55:3) කියාය. නොමිළයේ පිරිනැමෙන උන්වහන්සේගේ ගැළවීම හෙළිදරව් කරමින්, අපගේ පාපයෙන් හැරී උන්වහන්සේගේ දයාව සහ සමාව ලබා ගැනීමට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන සේක (6-7 පද). අපට සැබවින්ම තේරුම් ගැනීමට නොහැකි තරම් විශාල වන උන්වහන්සේගේ සිතුවිලි සහ ක්‍රියාවන්හි දිව්‍යමය අධිකාරිය උන්වහන්සේ ප්‍රකාශ කරන සේක (8-9 පද). කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ අපගේ ජීවිතය පරිවර්තනය කරන සහ යේසුස්වහන්සේ වෙත යොමු කරන, ශුද්ධ ලියවිල්ලේ වචන බෙදා ගැනීමට අවස්ථාව ලබා දෙන අතර උන්වහන්සේගේ සෙනඟගේ අධ්‍යාත්මික වර්ධනයට උන්වහන්සේ වග කියන බව තහවුරු කරන සේක (10-13 පද).

ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ශුභාරංචිය බෙදා ගැනීමට උපකාර කරන්නේ පියාණන්වහන්සේගේ සියලු පොරොන්දු උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්මට හා සමාදානයට අනුව ඉටු කරන බැවිනි.