මැවීමේ ආරම්භයේ සිටම කතාන්දර මිනිසුන්ව ආකර්ශණය කර ගත්තේය. එනම්, මෙම කථා ලිඛිත භාෂාව පැවතීමට බොහෝ කලකට පෙර දැනුම බෙදා හැරීමේ මාර්ගයක් ලෙස ක්‍රියා කළේය. කතාන්දරයක් ඇසීමෙන් හෝ කියවීමෙන් සහ “එකමත් එක රටක” වැනි ආරම්භක පේළි වලින්, වහාම ඇති වන සතුට අපි කවුරුත් දනිමු. කතාවක බලය හුදු රසවින්දනයෙන් ඔබ්බට විහිදෙන බව පෙනේ: එනම්, අපි එකට කතාවකට සවන් දෙන විට, අපගේ හද ගැස්ම එක රටාවකට වන බව පෙනේ! අපගේ තනි පුද්ගල හද ගැස්ම දිනක් පුරා වෙනස් වන අතර, වෙනත් කෙනෙකුගේ හද ගැස්මට ගැළපෙන්නේ අහම්බෙන් වුවද, නව පර්යේෂණවලින් පෙනී යන්නේ එකම කතාව එකම වේලාවක ඇසෙන විට අපගේ හදවත් එකම රිද්මයකට ක්‍රියාකරන බවයි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කතාව අපට පැවසීමට පටන් ගන්නේ “පටන්ගැන්මෙහිදී” (උත්පත්ති 1. 1) යන වචන වලින්ය. ආදම් සහ ඒව ප්‍රථමයෙන් හුස්ම ගත් මොහොතේ සිට (27 පදය), දෙවියන්වහන්සේ එම ක්‍රමයෙන් එළිදරව් කරන කතාව අපගේ පුද්ගලික ජීවිතය පමණක් නොව, වඩාත් වැදගත් ලෙස – උන්වහන්සේගේ දරුවන් ලෙස අපගේ සාමූහික ජීවිතය හැඩගස්වා ගැනීමටද භාවිතා කර ඇත. බයිබලය හරහා – මෙතෙක් වාර්තා වී ඇති ප්‍රබන්ධයක් නොවන විශිෂ්ඨතම කතාව – යේසුස්වහන්සේව විශ්වාස කරන්නන් ලෙස අපගේ හදවත් උන්වහන්සේගේ කැමැත්ත සඳහා වෙන් වූ මිනිසුන් ලෙස එකට එකතු කරයි (1 පේතෘස් 2:9).

ප්‍රතිචාරයක් වශයෙන්, කතුවරයාගේ නිර්මාණාත්මක කෘතිවලින් සතුටට පත් වූ අපගේ හදවත් බෙදාගත් රිද්මයකින් ස්පන්දනය වේවා. තවද “උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද” (ගීතාවලිය 96:3) ප්‍රකාශ කරමින්, ඔවුන්ටත් එහි කොටස්කරුවන් වීමට ආරාධනා කරමින්, උන්වහන්සේගේ කතාව අන් අය සමඟ බෙදා ගනිමු.