වයස අවුරුදු 103 දී, මාන් කෞර් නම් කාන්තාවක් 2019 පෝලන්තයේ පැවති ලෝක ප්‍රධාන මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉන්දියාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස තරඟ වැදුණි. කෞර් ඉසව් හතරකදී (හෙල්ල විසිකිරීම, වෙඩි තැබීම, මීටර් 60 දිවීම සහ මීටර් 200 දිවීම) රන් පදක්කම් දිනා ගත්තාය. නමුත් වඩාත්ම පුදුම ජනක දෙය නම් ඇය 2017 ශූරතාවලියේදී දිව්වාට වඩා වැඩි වේගයකින් දිව යාමයි. සිය දෙවන ශතකය කරා දිව යන කෞර් නම්වූ මීත්තණිය, ශක්තිමත්ව දිවීම අවසන් කරන්නේ කෙසේදැයි පෙන්නුම් කළාය.

අපෝස්තලු පාවුල් තරුණ ගෝලයෙකු වූ තිමෝතිට තමා අවසන් වසරවලට ඇතුළු වූ ආකාරය ගැන ලිවීය. “මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ” යැයි පාවුල් ලිවීය (2 තිමෝති 4:6). තමාගේ ජීවිතය ගැන මෙනෙහි කරමින්, විශ්වාසයෙන් යුතුව ඔහු තමා ශක්තිමත්ව අවසන් කරන බව දැනගෙන සිටියේය. පාවුල් පැවසුවේ “මම දිවීම කෙළවර කළෙමි” යනුවෙනි (7 පදය). ඔහු තම ආකර්ශණීය ජයග්‍රහණ ගණනය කිරීම හෝ එතුමාගේ විශාල බලපෑම (ඒවා අතිමහත් වුවද) සමීක්ෂණය කිරීම හෝ නිසා ඔහුගේ විශ්වාසය එය මත ගොඩනැංවූයේ නැත. ඒ වෙනුවට, තමා “ඇදහිල්ල රක්ෂා කළ” (7 පදය) බව ඔහු දැන සිටියේය. අපෝස්තුළුවරයා යේසුස්වහන්සේට පක්ෂපාතව සිටියේය. දුක සහ සතුට තුළින්, තමාව විනාශයෙන් ගළවා ගත් තැනැන්වහන්සේ පසුපස ගියේය. තවද යේසුස්වහන්සේ ඔහුගේ ඵලදායී ජීවිතයට ප්‍රීතිමත් අවසානයක් වන “ධර්මිෂ්ඨකමේ ඔටුන්නක්” සමඟ සූදානම්ව සිටින බව ඔහු දැන සිටියේය (8 පදය).

පාවුල් අවධාරණය කරන්නේ මෙම කිරුළ ප්‍රභූ කිහිප දෙනෙකු සඳහා නොව “උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත” කියාය (8 පදය). අපි අලුත් අවුරුද්දකට පා තබන අවස්ථාවේදී, යේසුස්වහන්සේ, උන්වහන්සේට ප්‍රේම කළ සියල්ලන්ට ඔටුනු පැළඳවීමට උත්සුක වන බව මතක තබා ගනිමු, එමනිසා, ශක්තිමත්ව අවසන් කිරීමට අපි ජීවත් වෙමු.