වෙළඳසැලේ රාක්ක අතර ගමන් කරන විට කීත් නමැති තැනැත්තාට දැනුනේ මානසික වැටීමකි. පාකින්සන් රෝගයේ පළමු රෝග ලක්ෂණ වලින් ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහුගේ ජීවන තත්ත්වය පහත වැටුණේ කොපමණ කලකට පෙරද? ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මෙයින් අදහස් වන්නේ කුමක්ද? හදිසියෙන්ම ඇසුණු සිනහවකින් කීත්ගේ ශෝකය දෙදරා ගියේය. වෙළඳ සැලේ අර්තාපල් ගොඩක් අසළ, එක් පුද්ගලයෙක් රෝද පුටුවක වාඩිවී සිනාසෙමින් සිටි පිරිමි දරුවෙකුව තල්ලු කරමින් සිටියේය. තම පුතුට හේත්තු වූ මිනිසා රහසින් යමක් ඔහුට කී අතර දරුවාට සිනහව නවත්වා ගත නොහැකි විය. එම දරුවා කීත්ට වඩා අවධානම් තත්ත්වයක සිටි නමුත් එම දරුවා සහ ඔහුගේ පියා ඔවුන්ට හැකි සැම තැතකදීම ප්‍රීතිය සොයා ගත්හ.

සිරගෙදර හෝ නිවාස අඩස්සියේ හෝ සිටිමින් තම නඩු විභාගයේ ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටි අපෝස්තලු පාවුල්ට ප්‍රීතියෙන් සිටීමට අයිතියක් නැති බව පෙනුණි (පිලිප්පි 1:12-13). අධිරාජ්‍යයා වූ නීරෝ ප්‍රචණ්ඩත්වයෙන් සහ කෲරත්වයෙන් යුත් දුෂ්ට මිනිසෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේය. එබැවින් පාවුල්ට සැලකිලිමත් වීමට හේතුවක් තිබුණි. තමා සේවයේ නොසිටි නිසා එය ප්‍රයෝජනයට ගනිමින් තමන්ටම කීර්තියක් ලබා ගැනීමට වෙනත් දේශකයන් බලා සිටින බව පාවුල් දැන සිටියේය. සිරගතව සිටියදී තමාට “පීඩා ඇති කරන්ට” ඔවුන්ට හැකි බවද ඔහු සිතූහ (17 පදය).

එහෙත් පාවුල් ප්‍රීති වීම තෝරා ගත්තේය (18-21 පද), එසේම ඔහු පිලිප්පිවරුන්ට පැවසුවේ තමාගේ ආදර්ශය අනුගමනය කරන ලෙසයි: “ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙන්න. ප්‍රීති වෙන්නැයි නැවතත් කියමි” (4:4). අපගේ තත්ත්වයේ අඳුරු බවක් පෙනෙන්නට පුළුවනි, නමුත් යේසුස්වහන්සේ දැන් අප සමඟ සිටින අතර, උන්වහන්සේ අපගේ තේජාන්විත අනාගතය සහතික කර තිබෙන සේක. උන්වහන්සේගේ සොහොන් ගෙයින් පිටතට පැමිණි ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේ සමඟ ජීවත් වීමට උන්වහන්සේගේ අනුගාමිකයින් උත්ථාන කිරීමට නැවත පැමිණෙන සේක. අප මේ නව වසර ආරම්භ කරන විට, අපි ප්‍රීති වෙමු!