මගේ නව ඇස් කණ්ණාඩි පැලඳ මම දේවස්ථානයට පා තැබුවෙමි. පසුව මා වාඩි වී සිටි අතර දේවස්ථානයේ එහා කොටසේ ආසන අතර ප්‍රවේශය හරහා මට කෙළින්ම වාඩි වී සිටින මිතුරියකු දුටුවෙමි. මම ඇයට අත වනන විට, ඇය ඉතා සමීපව හා පැහැදිලිව පෙණුනි. ඇය යාර කිහිපයක් දුරින් සිටියත් මට අත දිගු කර ඇයව ස්පර්ශ කළ හැකි බව දැණුනි. පසුව, අපි දේව මෙහෙයෙන් පසුව කතා කළ අතර, ඇය සෑම විටම වාඩි වී සිටි එකම අසුනේ ඇය සිටි බව මට වැටහුණි. වැඩි දියුණු කරන ලද මගේ නව ඇස්කණ්නාඩි නිසා මට ඇයව වඩා හොඳින් දැකගත හැකි වුණි.

බබිලෝනියේ වහල්භාවයේ සිරවී සිටින ඊශ්‍රායෙල්වරුන්ට නව දැක්මක් අවශ්‍ය බව දැන සිටි දෙවියන්වහන්සේ අනාගතවක්තෘ යෙසායා තුළින් කථා කළ සේක. උන්වහන්සේ ඔවුන්ට කීවේ “බලව, මම අමුතු දෙයක් කරන්නෙමි! … මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදන්නෙමි” (යෙසායා 43:19) යනුවෙනි. උන්වහන්සේගේ එම බලාපොරොත්තුවේ පණිවුඩයට උන්වහන්සේ ඔවුන්ව “මැවූ” බවටත්, “මුදවාගත්” බවටත් ඔවුන් සමඟ සිටින බවටත් වූ සිහිගැන්වීම් ඇතුළත් විය. “ඔබ මගේ” යැයි කියා දෙවියන්වහන්සේ ඔවුන්ව දිරිමත් කළ සේක (1 පදය).

අද ඔබ මුහුණ දෙන ඕනෑම දෙයකදී, පැරණි දේ පසුපසින් තබා, අලුත් දේ සෙවීමට ඔබට වඩා හොඳ දර්ශනයක් සැපයීමට ශුද්ධාත්මයාණන් වහන්සේට හැකිය. දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් (4 පදය) එය ඔබ වටා මතුවෙමින් පවතියි. ඔබේ වේදනාව සහ බන්ධනයන් මධ්‍යයේ උන්වහන්සේ කරන දේ ඔබට පෙනෙන්නේද? අපගේ පාළුකරයේදි පවා දෙවියන්වහන්සේ කරන අලුත් දේ දැකීමට අප අපගේ නව අධ්‍යාත්මික කණ්ණාඩි පැළඳ ගනිමු.