සෑන්(ඞ්) මාර්ටින් යනු වැහිලිහිණියාට සම්බන්ධ කුඩා පක්ෂීන් විශේෂයක් වන අතර උන් ගං ඉවුර හාරා උන්ගේ කූඩු තනා ගනී. ගිණිකොන එංගලන්තයේ ඉඩම් සංවර්ධනය නිසා උන්ගේ වාසස්ථාන අඩු වූ අතර සෑම වසරකම ශීත ඍතුවේ සංක්‍රමණයෙන් ආපසු පැමිණෙන විට මෙම පක්ෂින්ට කූඩු සෑදීමට ස්ථාන අඩු විය. ප්‍රදේශයේ සංරක්ෂකයින් ක්‍රියාත්මක වෙමින් උන්ව පදිංචි කිරීම සඳහා දැවැන්ත කෘත්‍රිම වැලි බැම්මක් ඉදි කළහ. වැලි නිර්මාණ කරන ආයතනයක සහාය ඇතිව, ඔවුන් වසර ගණනාවක් තිස්සේ කුරුල්ලන්ට නවාතැන් ගැනීමට ඉඩක් නිර්මාණය කිරීම සඳහා වැලි බැමි තැනූහ.

මෙම කාරුණික සහ දයානුකම්පිත ක්‍රියාවෙන් යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන් සනසන්නට භාවිතා කළ වචන පැහැදිලිව නිරූපණය කරයි. එනම්, උන්වහන්සේ පිටව යන බවත්, ඔවුන්ට උන්වහන්සේ සමඟ යාමට නොහැකි බවත් ඔවුන්ට පැවසීමෙන් පසු (යොහන් 13:36), උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයේ “ස්ථානයක් පිළියෙළ කරන පිණිස යමි” (14:2) කියා කී සේක. උන්වහන්සේ ඉක්මනින් ඔවුන්ව හැර යන බවත් ඔවුන්ට උන්වහන්සේ සමඟ යා නොහැකි බවත්, මෙය ගැන ඔවුන් දුක් වූවත්, ඔවුන්ව සහ අපව පිළිගැනීමට උන්වහන්සේගේ සූදානමේ කොටසක් ලෙස මෙම ශුද්ධ කාර්යය දෙස බැලීමට උන්වහන්සේ ඔවුන්ව දිරිමත් කළ සේක.

කුරුසිය මත පූජා වීමේ යේසුස්වහන්සේගේ කාර්යය නොමැතිව, පියාගේ නිවසේ “බොහෝ වාසස්ථාන” වලට අපව පිළිගැනීමට නොහැකි වනු ඇත (2 පදය). සූදානම් කිරීමට යේසුස්වහන්සේ අපට පෙරටුව ගිය පසු, ක්‍රිස්තුස්වහන්සේ අපට සහතික වන්නේ උන්වහන්සේ නැවත පැමිණෙන බවත්, උන්වහන්සේගේ පූජාව කෙරෙහි විශ්වාස කරන අය උන්වහන්සේ සමඟ සිටින බවත්ය. එහිදී අපි උන්වහන්සේ සමඟ ප්‍රීතිමත් සදාකාලික වාසස්ථානයක් ඇති කර ගනිමු.