මම මෑතකදී අපූරු සොයාගැනීමක් කළෙමි. මගේ නිවස අසළ ගස් පෙලක් අතරින් කසළවලින් පිරුණු මාර්ගයක ගමන් කළ විටදී, නිවැසියන් විසින් සාදන ලද සැඟවුනු සෙල්ලම් පිටියක් මට හමු විය. ලී කූරු වලින් සාදන ලද ඉනිමගක් අට්ටාලයක් වෙතට ළඟා වුණි. පැරණි කේබල් රෝද වලින් සාදන ලද ඔංචිල්ලා අතුවල එල්ලා තිබූ අතර, අතු අතර එල්ලා තිබූ එල්ලෙන පාලමක් පවා තිබුණි. යම් කෙනෙකු විසින් පැරණි ලී සහ ලණු කිහිපයක් නිර්මාණාත්මක වික්‍රමාන්විත දෙයක් බවට පත් කර ඇත!

ස්විට්සර්ලන්ත වෛද්‍ය පෝල් ටූර්නියර් විශ්වාස කළේ අපව මවා ඇත්තේ වික්‍රමාන්විතව බවත්, ඊට හේතුව, අප සෑදී ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් නිසාවෙන් බවත්ය (උත්පත්ති 1:26-27). දෙවියන්වහන්සේ විශ්වයක් නිර්මාණය කිරීමට ඉදිරිපත් වූවා සේම (1-25 පද), එසේම, යහපත හෝ අයහපත තෝරාගත හැකි මිනිසුන්ව මැවීමට ගත් අවදානම උන්වහන්සේ ගත් සේම (3:5-6), සහ උන්වහන්සේ: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කර ගන්න” (1:28) කියා අපව කැඳවා ගත් සේම, අප ද පෘථිවිය ඵලදායි වන ලෙස පාලනය කරන විට නව සොයා ගැනීම්ද, අවදානම් ගැනීමට සහ නිර්මාණයන් කිරීමටද ආසාවක් අප තුළ ඇති වනු ඇත. එවැනි වික්‍රමාන්විතයන් විශාල හෝ කුඩා විය හැකිය, නමුත් ඒවා අන් අයට ප්‍රයෝජනවත් වන විටදී ඒවා වඩාත් සුදුසු වෙයි. එම ක්‍රීඩා පිටිය සොයාගෙන නොයෙකුත් අය රසවිඳින බව දැක, එම ක්‍රීඩා පිටියේ නිර්මාතෘවරුන්ට එයින් සතුටක් නිසැකව ලැබෙන බව මම හොඳින් දනිමි.

නව සංගීතය නිර්මාණය කිරීම හෝ නව ක්‍රම යොදා ඉවැන්ජලිස්ත සේවය කිරීම හෝ දුරස්ථ වූ විවාහයක් නැවත ගොඩ නැගීම හෝ සියලු ආකාරයේ වික්‍රමාන්විතයන් අපගේ හදවත ස්පන්දනය කරනු ඇත. දැන් ඔබ වෙත ඇදෙන නව කාර්යය හෝ ව්‍යාපෘතිය කුමක්ද? සමහර විට දෙවියන්වහන්සේ ඔබව නව වික්‍රමාන්විත ගමනකට යොමු කරනවා ඇත.