වයස අවුරුදු 16 දී, ලුයිස් රොඩ්රිගස් කොකේන් නම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටියේය. නමුත් දැන්, මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, ඔහු නැවත සිරගතව සිටියේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබේදැයි කියා සිතමින්ය. නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ වරදකාරී තත්ත්වයට කථා කළ සේක. ඔහු සිරගතව සිටි කාලයේදී, තරුණ ලුයිස්ට ඔහුගේ මව විශ්වාසවන්තව ඔහුව දේවස්ථානයට ගෙන ගිය ඔහුගේ මුල් කාලය සිහිපත් විය. ඔහුට දැන් දැනුණේ දෙවියන්වහන්සේ තම හදවතට තට්ටු කරන බවයි. අවසානයේදී ලුයිස් තමාගේ පව් ගැන පසුතැවිලි වී යේසුස්වහන්සේ වෙත පැමිණියේය.

ක්‍රියා පොත තුළ අපට පාවුල් නමින්ද හඳුන්වනු ලැබූ සාවුල් නමැති ජ්වලිත යුදෙව් මිනිසෙකුව මුණගැසෙන්නේය. ඔහු යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට දරුණු ලෙස පහරදීම සම්බන්ධයෙන් වැරදිකරු වූ අතර ඔහුට මිනීමැරීමේ හදවතක් තිබුණි (ක්‍රියා 9:1). ඔහු එක්තරා ආකාරයක කල්ලි නායකයෙකු වූ බවටත්, ස්තේපන් මරා දැමීමේදී මැර කල්ලියේ කොටසකරුවෙක්ද වූ බවටත් සාක්‍ෂි තිබේ (7:58). නමුත් දෙවියන්වහන්සේ සාවුල්ගේ වරදකාරී තත්ත්වයට වචනානුසාරයෙන් කතා කළ සේක. දමස්කයට යන වීදියේදී, ආලෝකයකින් සාවුල් අන්ධ වූ අතර, “සාවුල්, සාවුල්, නුඹ මට පීඩා කරන්නේ මක්නිසාද” කියා යේසුස්වහන්සේ ඇසූ සේක (9:4). සාවුල්ද ”ස්වාමිනි, ඔබ කවුද?” යැයි ඇසුවේය (4 පදය). එය ඔහුගේ නව ජීවිතයේ ආරම්භය විය. ඔහු යේසුස්වහන්සේ වෙතට පැමිණියේය.

ලුයිස් රොඩ්රිගස් සිරකාලය ගත කළ නමුත් තමාගේ මුළු සිර දඬුවම අවසාන වන්න කලින් ඔහුට සමාව ලබා දෙන ලදී. එතැන් සිට, ඔහු එක්සත් ජනපදයේ සහ මධ්‍යම ඇමරිකාවේ බන්ධනාගාර සේවය සඳහා තම ජීවිතය කැප කරමින් දෙවියන්වහන්සේට සේවය කළේය.

අප අතරේ නරකම අයව පවා මුදවා ගැනීම සඳහා දෙවියන්වහන්සේ විශේෂත්වයක් කරන සේක. උන්වහන්සේ අපගේ හදවත් සමඟ පොරබදිමින් අපගේ වරදකාරී ජීවිතයට කතා කරන සේක. සමහර විට අපේ පව් ගැන පසුතැවිලි වී යේසුස්වහන්සේ වෙතට පැමිණීමට කාලය පැමිණ ඇතුවාක් විය හැකිය.