මගේ ස්වාමිපුරුෂයා අපේ පුතාගේ ලිට්ල් ලීග් බේස්බෝල් කණ්ඩායම පුහුණු කරන විට, ඔහු, වසර අවසාන ත්‍යාගයක් වශයෙන් ක්‍රීඩකයින්ට සාදයක් පිරි නමමින් වාරය පුරා ඔවුන් දැක්වූ දියුණුව අගය කළේය. අපේ ළාබාලතම ක්‍රීඩකයෙක් වන ඩස්ටින්, එම සාදය අතරතුර මා වෙත පැමිණියේය.
”අපි අද තරඟය පැරදුනේ නැද්ද?”

“ඔව්, අපි පැරදුණා” කියා මම පිළිතුරු දුන්නෙමි.

“නමුත් ඔබගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම ගැන අපට ඔබ ගැන ආඩම්බරයි” කියා මම පැහැදිලි කළෙමි.

“මම දන්නවා, නමුත් අපි පැරදුණා. හරිද?” කියා ඔහු කීවේය.

මම හිස වැනුවෙමි.

“එහෙනම් ඇයි මට ජයග්‍රාහකයෙක් වගේ දැනෙන්නේ?” ඩස්ටින් මගෙන් ඇසුවේය.

“ඒ ඔබ ජයග්‍රාහකයෙක් නිසා” කියා මම සිනහසෙමින් පැවසුවෙමි.

තමාගේ උපරිම දක්ෂතාවයෙන් ක්‍රීඩා කලද, තරඟයකින් පරාජයට පත් වෙනවා කියා කුඩා ඩස්ටින් සිතුවේ තමන් අසාර්ථක වූවෙක් ලෙසටයි. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන්, අපගේ සටන ක්‍රීඩා පිටියකට සීමා නොවේ. කෙසේ වෙතත්, ජීවිතයේ දුෂ්කර සමයක් අපගේ වටිනාකම පිළිබිඹු කිරීමක් ලෙස බැලීමට බොහෝ විට අපි පෙළඹෙන්නෙමු.

අපෝස්තලු පාවුල් විසින් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසට අපගේ වර්තමානය දුක් වේදනා සහ අපගේ අනාගත මහිමය අතර සම්බන්ධය තහවුරු කළේය. අප වෙනුවෙන් උන්වහන්සේම පරිත්‍යාග වූ පසුව, පාපය සමඟ අපගේ අඛණ්ඩ සටනේදී යේසුස්වහන්සේ අප වෙනුවෙන් නොකඩවා ක්‍රියා කරන අතර අපව උන්වහන්සේගේ සමානත්වයට පරිවර්තනය කරන සේක (රෝම 8:31-32). අප සියලු දෙනාම දුෂ්කරතා සහ පීඩා අත්විඳින නමුත්, දෙවියන්වහන්සේගේ නොසැලෙන ප්‍රේමය අපට ඒවා විඳ දරාගැනීමට උපකාර කරන සේක (33-34 පද).

උන්වහන්සේගේ දරුවන් වශයෙන්, අපගේ වටිනාකම නිර්වචනය කිරීමට අරගලවලට ඉඩ දීමට අප පෙළඹිය හැකිය. කෙසේ වෙතත්, අපගේ අවසාන ජයග්‍රහණය සහතිකය. මඟ දිගට අපි පැකිළෙනවා විය හැකිය, නමුත් අපි සැමවිටම “අතිශයින්ම ජය ගන්නෝ ” වමුව (35-39 පද)