පුස්තකාල සමාජයේ නායකයා, කණ්ඩායම සාකච්ඡා කරන්න යන නවකතාව සාරාංශ කරන විට කාමරයේ ඝෝෂාව මැකී ගියේ සැමට පහසුව ගෙන දෙන නිශ්ශබ්දතාවයකිනි. මගේ මිතුරිය ජොඈන් හොඳින් සවන් දුන් නමුත් ඈ කථා වස්තුව හඳුනා ගත්තේ නැත. අවසානයේදී ඇය වටහා ගත්තේ, අනෙක් අය කියවා තිබූ ප්‍රබන්ධ කෘතියට සමාන මාතෘකාවක් සහිත ප්‍රබන්ධ නොවන පොතක් ඇය කියවා ඇති බවයි. ඇය “වැරදි” පොත කියවීමෙන් සතුටක් ලැබුවද, “නිවැරදි” පොත ගැන කරන සාකච්ඡාවන්ට ඇයගේ මිතුරන් සමඟ සම්බන්ධ වීමට ඇයට නොහැකි විය.

කොරින්ති සභාවේ ඇදහිලිවන්තයන් “වැරදි” යේසුස්ව විශ්වාස කරනවාට අපෝස්තලු පාවුල් අකමැති විය. බොරු ගුරුවරුන් සභාවට රිංගා ගෙන ඇදහිලිවන්තයන්ට වෙනස් “යේසුස්” කෙනෙකුව ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් මෙම බොරු ගිල දැමූ බවත් ඔහු පෙන්වා දුන්නේය (2 කොරින්ති 11:3-4).

මෙම ව්‍යාජ ගුරුවරුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය පාවුල් හෙළා දුටුවේය. කෙසේ වෙතත්, ඔහු සභාවට යැවූ පළමු ලිපියෙහි, ඔහු ශුද්ධ ලියවිල්ලේ යේසුස්වහන්සේ පිළිබඳ සත්‍යය සමාලෝචනය කළේය. මෙසියස්වහන්සේ වන මේ යේසුස්වහන්සේ “අපේ පව් නිසා මැරුණු බවත් . . . තුන්වෙනිදා උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්,. . . පසුව දොළොස් දෙනාටද පෙනුණු බවත්,” සහ අවසානයේ පාවුල්ටත් පෙණුනු බවත්ය (1 කොරින්ති 15:3-8). මෙම යේසුස්වහන්සේ මෙළොවට පැමිණියේ මරියා නම් කන්‍යාවක් තුළින් වන අතර උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය තහවුරු කිරීම සඳහා එම්මානුවෙල් (දෙවියන්වහන්සේ අප සමඟ) යන නමින් නම් කරන ලදී (මතෙව් 1:20-23).

ඔබ දන්නා යේසුස්වහන්සේ මෙසේ යැයි හැඟෙන්නේද? උන්වහන්සේ ගැන බයිබලයේ ලියා ඇති සත්‍යය අවබෝධ කර ගැනීම සහ පිළිගැනීම අපව ස්වර්ගයට ගෙන යන අධ්‍යාත්මික මාවතේ අප සිටින බව සහතික කරයි.