“කිතුනු ඇදහීම ආරම්භ වන්නේ අප සිතා සිටි දෙය ඇත්ත වශයෙන්ම බොරුවක් බවට වේදනාකාරී අවබෝධයෙනි,” යනුවෙන් ඉයුජින් පීටර්සන් ගීතාවලිය 120 පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම් වලදී ලිවීය. ගීතාවලිය 120 යනු යෙරුසලමට යන වන්දනාකරුවන් විසින් ගායනා කරන ලද “ආරෝහණ ගීතිකා” (ගීතාවලිය 120-134) වලින් පළමුවැන්නයි. පීටර්සන්ගේ තොරතුරු විමසීමේ ක්‍රියාවලියට අනුව, එකම දිශාවකට දිගු කීකරුකමක් පෙන්නුම් කරන අතර මෙම ගීතාවලියන් තුළින් දෙවියන්වහන්සේ වෙතට යන අධ්‍යාත්මික ගමනේ පින්තූරයක් ද අපට ඉදිරිපත් කරයි.

එම ගමන ආරම්භ කළ හැක්කේ වෙනස් දෙයක් සඳහා අපගේ අවශ්‍යතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් පමණි. පීටර්සන් පවසන පරිදි, “ක්‍රිස්තියානි මාර්ගයට යාමට, පෙළඹවීම සොයා ගැනීම සඳහා, යම් පුද්ගලයෙකුට ඕනෑකමක් තිබෙනවා නම්, ලෝකයේ නොයෙකුත් දේවල් සිදුවන ආකාරය ගැන දැඩි පිළිකුලක් ඇති විය යුතුය. . . . ඔහු හෝ ඇය කරුණාවේ ලෝකයට රුචියක් ඇති කර ගැනීමට පෙර, ලෝකයේ මාර්ග සමඟ … දැඩි කනස්සල්ලක් ඇතිවිය යුතුය” යනුවෙනි.

අප අවට ලෝකය තුළ අප දකින බිඳවැටීම් සහ බලාපොරොත්තු සුන්වීම් නිසා අධෛර්යමත් වීම පහසුය. අපගේ සංස්කෘතිය බොහෝ විට අන් අයට සිදු වන හානිය ගැන නොසැලකිලි කමක් හෝ අනුකම්පා විරහිතභාවයක් පෙන්නුම් කරයි. ගීතාවලිය 120 මෙය අවංකව විලාපයෙන් පවසයි : “මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කතා කරන කල ඔවුහු සටනට සැරසෙති” (7 පදය).

නමුත් අපට සුවය සහ නිදහස ඇත්තේ අපගේ වේදනාවට එකම උපකාරය වූ නව ආරම්භයකට අපව අවදි කළ විනාශකාරී බොරුවලින්, සාමයේ සහ සම්පූර්ණත්වයේ මාවතට අපව යොමු කළ හැකි ගැළවුම්කරුවාණන්වහන්සේට පමණි (121:2). අපි මේ අලුත් අවුරුද්දට ඇතුල් වන විට, අපි උන්වහන්සේව සහ උන්වහන්සේගේ මාර්ග සොයමු.