ආචාර්ය මාර්ටින් ලූතර් කිං ගේ බිහිසුණු ඝාතනය සිදු වූයේ 1960 ගණන්වල ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවේදීය. නමුත් දින හතරකට පසුව, ඔහුගේ වැන්දඹුව වන කොරේටා ස්කොට් කිං සාමකාමී විරෝධතා පාගමනක් මෙහෙයවීම සඳහා නිර්භීතව තම සැමියාගේ ස්ථානය ගත්තාය. කොරේටාට යුක්තිය සඳහා ගැඹුරු ආශාවක් තිබූ අතර බොහෝ කාරණා සඳහා දරුණු ශූරියක්ද වූවාය.

යේසුස්වහන්සේ පැවසුවේ, “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය” (මතෙව් 5.6) කියාය. යම් දිනක දෙවියන්වහන්සේ යුක්තිය ලබා දීම පිණිස සහ සෑම වරදක්ම නිවැරදි කිරීම පිණිස පැමිණෙන බව අපි දනිමු, නමුත් එතෙක්, කොරෙටා කළාක් මෙන්, දෙවියන්වහන්සේගේ යුක්තිය මිහිපිට යථාර්ථයක් බවට පත් කිරීමට සහභාගී වීමට අපට අවස්ථාව තිබේ. යෙසායා 58 හි දෙවියන්වහන්සේ තම සෙනඟට කරන ලෙස ඉල්ලා සිටින දේ පිළිබඳ විචිත්‍රවත් චිත්‍රයක් පින්තාරු කරයි: “අයුක්තියේ දම්වැල් ලිහිල් කරන්න. . . පීඩිතයන් නිදහස් කරන්න … කුසගින්නෙන් පෙළෙන අය සමඟ ඔබේ ආහාර බෙදා ගන්න … දුප්පත් ඉබාගාතේ යන්නාට සෙවණක් ලබා දෙන්න … නිරුවතින් සිටින අයට ඇඳුම් පැළඳුම් ලබා දෙන්න . . . උපකාර අවශ්‍ය අයගෙන් ඉවත් නොවන්න” (6-7 පද). පීඩිතයන් සහ කොන් කර ඇති අය සඳහා යුක්තිය සෙවීම අපගේ ජීවිත දෙවියන්වහන්සේ වෙත යොමු කරන එක් මාර්ගයකි. යෙසායා අනාගතවතෘ පවසන්නේ යුක්තිය සොයන උන්වහන්සේගේ සෙනඟ අරුණෝදයේ ආලෝකය හා සමාන බවත් ඔවුන්ට මෙන්ම අන් අයටද සුවයක් ලැබෙන බවත්ය (8 පදය).

අද, මෙලොවදී උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සඳහා සාපිපාසයක් වර්ධනය කිරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා. අපි උන්වහන්සේගේ මාර්ගයෙන් සහ උන්වහන්සේගේ බලයෙන් යුක්තිය සොයන විට, අපි තෘප්තියට පත් වන බව බයිබලය පවසයි.