අවුරුදු ගණනාවකට කලින් දිනක උදෑසන, මම මගේ පුටුවේ වාඩිවී සිටිය අවස්ථාවකදී මගේ බාල දියණිය පහළ තට්ටුවට පැමිණියාය. ඇය කෙලින්ම මා වෙතට පැමිණ මගේ ඔඩොක්කුවට නැග ගත්තාය. මා ඇයව පියෙකු මෙන් වැළඳගෙන හිස මත මෘදු හාදුවක් දුන් අතර ඇය සතුටින් කෑගැසුවාය. නමුත් පසුව ඇය ඇගේ නළල රැලි කර, නාසය හකුළා, මගේ කෝපි කෝප්පය දෙසට චෝදනාත්මක බැල්මක් හෙළුවාය. ”තාත්තේ” කියා ඇය ගරුගාම්භීරව පවසමින් ”මම ඔබට ආදරෙයි, මම ඔබට කැමතියි, නමුත් මම ඔබේ (කෝපි) ”සුවඳට කැමති නැහැ.” කියා කීවාය.

මගේ දුව කරුණාවේ වචන නොදැන සිටි නමුත් ඇය කරුණාවෙන් සහ සත්‍යයෙන් කතා කළාය: ඇයට මගේ හැඟීම් රිදවීමට අවශ්‍ය නොවීය, නමුත් ඇයට මට යමක් කියන්න බලපෑමක් ඇති විය. ඒ වගේම සමහර අවස්ථාවලදී අපටද අපගේ සබඳතා තුළ එවැන්නක් කිරීමට සිදුවනු ඇත.

එපීස 4 හි, පාවුල් අප එකිනෙකාට සම්බන්ධ විය යුතු ආකාරය විශේෂයෙන් සමහර සත්‍යයන් දුෂ්කර වුවත් ප්‍රකාශ කිරීම කළ යුතු ආකාරය ගැන ඍජුව කථා කරයි “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා……” (2 පදය). නිහතමානිකම, මෘදුකම සහ ඉවසීම අපගේ සම්බන්ධතා පදනම වන්නේය. දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන පරිදි එම චරිත ගුණාංග වගා කිරීම අපට “ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථා කරමින්” (15 පදය) සහ “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා” (29 පදය) සන්නිවේදනය කිරීමට උපකාරී වේ.

දුර්වලකම් සහ තමාට නොපෙනෙන තමාගේ වැරදි වලට මුහුණ දීමට කිසිවෙකු කැමති නැත. නමුත් යමක “දුගඳක්” අපගෙන් වහනය වන විට, විශ්වාසවන්ත මිතුරන් තුළින් කරුණාව, සත්‍යය, නිහතමානිකම සහ මෘදු බව උපයෝගී කරගෙන දෙවියන්වහන්සේට අපගේ ජීවිතයට කතා කළ හැකිය.