ඔවුන් මාව හඳුන්වන්නේ “රින්ග්මාස්ටර්” ලෙසයි. මේ වසරේ මේ දක්වා නැතිවූ මුදු 167ක් මා විසින් සොයාගෙන තිබේ.

මගේ බිරිඳ කේරී සමඟ වෙරළේ ඇවිදිමින් සිටියදී, මුහුදු වෙරළේ රැල්ලෙන් සෑදුනු ‘පෙන‘ රේඛාවට මදක් පහළින් පිහිටි ප්‍රදේශයක් සුපරික්‍ෂාකර බැලීමට ලෝහ පරීක්‍ෂණ උපකරණයක් භාවිතා කරමින් සිටි වැඩිහිටි මිනිසෙකු සමඟ අපි සංවාදයකට එළඹුනෙමු. “සමහර අවස්ථාවල මුදුවල නම් තිබේ, මම ඒවා ආපසු ලබා දෙන විට ඒවායේ අයිතිකරුවන්ගේ මුහුණු දැකීමට මම කැමතියි. මම ඔන්ලයින් පණිවිඩයක් (පොස්ට් එකක්) දමා, මෙයට ප්‍රතිචාර දක්වපු කෙනෙකු සිටිනවාද කියා සොයමි. “අවුරුදු ගණනාවක් නැතිවී තිබෙන රන් අභරණ මා විසින් සොයාගෙන ඇත” කියා ඔහු අපට පැවසුවේය. මමද ලෝහ පරීක්‍ෂා කිරීමෙන් සතුටක් ලබන නමුත් එය නිතර නොකරන බව සඳහන් කළ විට, ඔහුගේ වෙන්වීමේ වචන වූයේ, “ඔබ යන්නේ නම් මිස ඔබ කිසි විටෙකත් නොදනී” යන්නයි.

ලූක් 15 හි තවත් ආකාරයක “සොයා ගොස් ගළවාගැනීමක්” අපට හමු වේ. දෙවියන්වහන්සේගෙන් ඈත් වූ මිනිසුන් ගැන සැලකිල්ල දැක්වීම පිළිබඳව යේසුස්වහන්සේව විවේචනයට ලක් විය (1-2 පද). ඊට පිළිතුරු වශයෙන්, නැතිවූ සහ පසුව සොයාගත් දේවල් ගැන කථා තුනක් උන්වහන්සේ පැවසු සේක. ඒ බැටළුවෙකු, කාසියක් සහ පුතෙකු ගැන වේ. නැතිවූ බැටළුවා සොයාගන්නා මිනිසා ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන, ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන් ද කැඳවා: ”මා සමඟ ප්‍රීති වෙන්න” යයි පවසයි (ලූක් 15:5-6). සියලුම කතාන්දර අවසාන වන්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නැති වූ මිනිසුන් සොයා ගැනීම සහ ඔවුන් උන්වහන්සේ තුළ සිටින විට ලැබෙන ප්‍රීතිය ගැන සඳහන් කරමිනි.

යේසුස්වහන්සේ පැමිණියේ “නැතිවූවන් සෙවීමට සහ ගළවා ගැනීමට” යි (19:10). ප්‍රේම කරමින් දෙවියන්වහන්සේ වෙතට මිනිසුන් ගෙන ඒම සඳහා උන්වහන්සේව අනුගමනය කරන ලෙස උන්වහන්සේ අපව කැඳවයි (මතෙව් 28:19 බලන්න). අන් අය උන්වහන්සේ වෙත හැරෙනු දැකීමෙන් ඇතිවන ප්‍රීතිය අපට භුක්ති විඳීය හැකිය. අපි නොයන්නේ නම් අපට කවදාවත් දැනගන්න වෙන්නේ නැත.