1960 යුගයේ රූපවාහිනී කතා මාලාවක් වන “ද ඇන්ඩි ග්‍රිෆිත් ෂෝ” හි, මිනිසෙකු ඇන්ඩිට පවසන්නේ ඇන්ඩි විසින් ඔහුගේ පුතාට ඔහු ජීවත් විය යුතු ආකාරය තීරණය කිරීමට ඉඩ දිය යුතු බවයි. ඇන්ඩි මෙයට එකඟ නොවීය: “තරුණයෙකුට තමා ගැන තීරණය කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔහු දිලිසෙන රිබන් සහිත පළමු දීප්තිමත් දේ අල්ලා ගනු ඇත. පසුව, එහි කොක්කක් ඇති බව ඔහු දැනගත් විට, එය ප්‍රමාද වැඩියි. වැරදි අදහස් බොහෝ දිලිසීමකින් ඇසුරුම් කර ඇති අතර දිගු කාලීනව වෙනත් දේවල් වඩා හොඳ විය හැකි බව ඔවුන්ට ඒත්තු ගැන්වීම අපහසුය”. ඔහු නිගමනය කරන්නේ දෙමාපියන් විසින් නිවැරදි හැසිරීම් ආදර්ශයට දිය යුතු බව සහ “පරීක්ෂාවෙන් වැළකී සිටීමට” උපකාර කිරීම වැදගත් බවයි.

ඇන්ඩිගේ වචන හිතෝපදේශවල ඇති ප්‍රඥාවට සම්බන්ධයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න, එවිට ඔහු වයස් ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය” (22:6). බොහෝ දෙනෙක් මෙම වචන පොරොන්දුවක් ලෙස කියවිය හැකි වුවද, ඒවා සැබවින්ම මාර්ගෝපදේශයකි. අප සියල්ලන්ම කැඳවනු ලැබ ඇත්තේ අපේම තීරණයක් මත යේසුස්වහන්සේව විශ්වාස කිරීමටය. නමුත් දෙවියන්වහන්සේට සහ ශුද්ධ ලියවිල්ලට අනුව අපගේ ප්‍රේමය තුළින් බයිබලානුකුල පදනමක් තැබීමට අපට උදව් කළ හැකිය. අපගේ රැකවරණය යටතේ සිටින කුඩා දරුවන් පරිණත වන විට, ක්‍රිස්තුස්වහන්සේ ගැළවුම්කරුවා ලෙස පිළිගැනීමට තෝරාගෙන උන්වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට මිස “දුෂ්ටයන්ගේ මාර්ගවලින්” වැලකි සිටීමට (5 පදය) දරුවන් වෙනුවෙන් අපට යාච්ඤා කළ හැකිය.

ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් “දිලිසෙන දේවල්” වලට එරෙහිවීම අපගේම ජයග්‍රහණයේ ප්‍රබල සාක්ෂියකි. පරීක්ෂාවට ඔරොත්තු දීමට සහ අපගේ ජීවිත අනුකරණය කිරීමට වටිනා ආදර්ශ බවට පත් කිරීමට යේසුස්වහන්සේගේ ආත්මය අපට උපකාර කරයි.