කෝවිඩ්-19 වසංගතයේ එක් ප්‍රතිවිපාකයක් වූයේ සංචාරකයින් නිරෝධායනය කිරීමයි. “වෝල් ස්ට්‍රීට්” සඟරාවේ ඇතැම් සංචාරකයන්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් ලිපියක් පළ විය. නිරෝධායනය වන කාලය තුළ එකිනෙකා අතර සංවාද සඳහා වැඩි අවස්ථාවන් ලැබුනු ආකාරය ගැන අදහස් දක්වමින්, එක් මගියෙක් කියා සිටියේ, හොඳ මතකයක් ඇති තම සහකාරිය – ඔහුගෙන් ඇයට මෙතෙක් සිදු වූ සෑම වරදක්ම එකින් එක මතක් කළ ආකාරය හා ඇය තවමත් කියා අවසන් කර නැති බව දැණුනු ආකාරයද විහිළුවට ලක් කරමිනි!

මෙවැනි කථා අපට සිනහවක් ඇති කරයි, අපගේ මනුෂ්‍යත්වය ගැන මතකයන්ද අවදි කරන අතර, අප විසින් අත් හැරිය යුතු දේ තදින් අල්ලා ගැනීමට අප පෙළඹෙන්නේ නම් අපට අනතුරු ඇඟවීමක්ද කරයි. එහෙත් අපට රිදවන අය සමඟ කරුණාවන්ත වීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? ගීතාවලිය 103:8-12 වැනි ඡේදවල අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේ ගුණාංග වලින් බිඳක්, එසේ නිරූපණය කර ඇත.

8-10 පදවල දැක්වෙන පණිවිඩය සැලකිය යුතු ය: “ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝ‍පවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වන සේක, උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක” අප යාච්ඤා පූර්වකව ශුද්ධ ලියවිල්ල කියවන විට වැරදි ආකාර ලෙස පළිගැනීම හෝ දඬුවම් කිරීමට සැලසුම් කිරීම හෝ ගැන දෙවරක් සිතීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටිය හැකිය. එයට අප වෙනුවෙන් යාච්ඤා කිරීමටද කරුණාව, දයාව සහ සමාව දීම මග හරවා අනතුරක් කිරීමට බලා සිටින අය වෙනුවෙන් යාච්ඤා කිරීමටද අපව පෙළඹවිය හැකිය.