බ්‍රෙන්ඩා වෙළඳ සංකීර්ණයේ පිටවීමේ දොරටුව දෙසට යමින් සිටියදී ප්‍රදර්ශන කවුළුවකින් රෝස පැහැයක් ඇගේ ඇසට හසු විය. ඇය හැරී “රෝස පැහැති කපු කබායක්” ඉදිරියේ සිට ගත්තාය. “ඕ! හොල්ලි එයට කොතරම් කැමති වෙයිද! කියා මට සිතුණි”. තනිකඩ මවක් වූ ඇගේ මිතුරියට මූල්‍ය පහසුකම් නොමැති වී තිබු අතර, හොල්ලිට උණුසුම් කබායක් අවශ්‍ය බව බ්‍රෙන්ඩා දැන සිටියද, තම මිතුරිය කිසි විටෙකත් එවැනි මිළදී ගැනීමක් සඳහා මුදල් වියදම් නොකරන බවද ඇය විශ්වාස කළාය. මදක් එය ගැන කල්පනා කිරීමෙන් පසු, බ්‍රෙන්ඩා සිනාසෙමින්, ඇගේ මුදල් පසුම්බිය අතට ගෙන, කබාය හොල්ලිගේ නිවසට යැවීමට කටයුතු කළාය. ඇය නිර්නාමික කාඩ්පතක් එක් කළාය, “ඔබට ඒ තරමටම ආදරෙයි.” ලෙස ලියූ බ්‍රෙන්ඩා, ඇගේ මෝටර් රථයට ගියේ ඉතාමත් සතුටිනි.

ප්‍රීතිය යනු දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුව අප විසින් අනුන්ට දෙන ලද ත්‍යාග වල අතුරු ඵලයකි. පාවුල් කොරින්තිවරුන්ට ත්‍යාගශීලීත්වයේ ක්‍රමය ගැන උපදෙස් දෙමින් පැවසුවේ, “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක” (2 කොරින්ති 9:7) කියාය. ඔහු තව දුරටත් සඳහන් කළේ, “නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය” (6 පදය) යනුවෙනි.

සමහර වෙලාවට අපි දේවස්ථානවල මුදල් එකතු කිරීමේ බෑගයට මුදල් ප්‍රමාණයක් දමන්නෙමුව. වෙනත් අවස්ථාවලදී අපි සුදුසු යයි හැඟෙන සේවයන්ට අන්තර්ජාලයෙන් පරිත්‍යාග කරන්නෙමුව. වෙනත් අවස්ථාවලදී, මිතුරෙකුගේ අවශ්‍යතාවයකට ප්‍රතිචාර දැක්වීමට දෙවියන්වහන්සේ අපව යොමු කරන්නේ උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රත්‍යක්ෂ ප්‍රකාශනයක් සහිතවය. ඒ අතර අප විසින් සිල්ලර බඩු මල්ලක් හෝ වාහනයට ඉන්ධන ප්‍රමාණයක් හෝ පිරිනමන්නෙමු. . . .හෝ පරිපූර්ණ රෝස පැහැති කබායක් පවා තෑග්ගක් හැටියට ලබා දෙන්නෙමු.