2021 පෙබරවාරි 18 වන දින අඟහරු ග්‍රහලෝකයට “පර්සිවියරන්ස්” නම් ට්‍රැක්ටරයක් මෙන් යන්ත්‍රයක් ගොඩබසින විට, එය නිරීක්ෂණය කරමින් සිටි අය “විනාඩි හතක භීෂණයක්” විඳ දරාගත්හ. අභ්‍යවකාශ යානය සැතපුම් මිලියන 292ක ගමන අවසන් කරන විට, එය තනිවම කළ යුතු සංකීර්ණ ගොඩබෑමේ ක්‍රියාවලියක් හරහා ගියේය. අඟහරු ග්‍රහලෝකයේ සිට පෘථිවියට සංඥා ලබා ගැනීමට විනාඩි කිහිපයක් ගත වන අතර, ඒ නිසා ගොඩබෑමේදී නාසා ආයතනයට “පර්සිවියරන්ස්” වෙතින් සංඥා ඇසීමට නොහැකි විය. මෙතරම් උත්සාහයක් සහ සම්පත් මෙහෙයුමට යෙදවූ කණ්ඩායමට මෙම සම්බන්ධ නොවීම බියජනක දෙයක් විය.

සමහර විට අපට දෙවියන්වහන්සේගේ හඬ නොඇසෙන බව හැඟෙන විට අපගේම භීතියේ අවස්ථා අත්විඳිය හැකිය – අප යාච්ඤා කළ නමුත් අපට ඇතැම්විට පිළිතුරු නොලැබෙයි. ශුද්ධ ලියවිල්ලේ, මනුෂ්‍යයන් යාච්ඤාවට ඉක්මණින් පිළිතුරු ලබා ගන්නා බව අපට පෙනේ (දානියෙල් 9:20-23 බලන්න) එසේම, දිගු කාලයක් පිළිතුරු නොලැබෙන අයද සිටිති (1 සාමුවෙල් 1: 10-20 හි හන්නාගේ කතාව බලන්න). මරියා සහ මාර්තාගේ හදවත් භීතියට පත් කළ ප්‍රමාද වූ පිළිතුර වඩාත්ම සංවේදී උදාහරණය විය හැක්කේ ඔවුන් තම රෝගී සහෝදරයා වන ලාසරුස්ට උපකාර කරන ලෙස යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටි විටය (යොහන් 11:3). යේසුස්වහන්සේ ප්‍රමාද වූ අතර ඔවුන්ගේ සහෝදරයා මිය ගියේය (6-7 සහ 14-15 පද). නමුත් දින හතරකට පසුව, ක්‍රිස්තුස්වහන්සේ පිළිතුරු දුන්නේ ලාසරුස්ව නැවත නැඟිටුවමිනි (43-44 පද).

අපගේ යාච්ඤාවලට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටීම දුෂ්කර විය හැක. නමුත් අපි “දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ලඟා” වෙන විට අපගේ අවශ්‍යතාවයේදී අපට උපකාරය වන පිණිස කරුණාව සහ දයාව ලබා ගත හැකිය (හෙබ්‍රෙව් 4:16).