එංගලන්තයේ ජීවත්ව සිටින තරුණයෙකුගෙන් විද්‍යුත් තැපෑලක් මට ලැබුණි, ඔහුගේ පියා (හැටතුන් හැවිරිදි පමණ) ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්, එනම්, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රෝහල් ගතවී සිටි බව ඔහුගේ පුත්‍රයා පැහැදිලි කළේය. අපි කවදාවත් හමු නොවුණත්, ඔහුගේ පියාගේ රාජකාරිය සහ මගේ රාජකාරිය බොහෝ විට සමාන විය. පුතා විසින් තම පියා සතුටු කිරීමට උත්සාහ කරමින්, දිරිගැන්වීමේ සහ යාච්ඤාවේ වීඩියෝ පණිවිඩයක් එවන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. දැඩි සංවේගයට පත් මම කෙටි පණිවිඩයක් සහ සුවය සඳහා යාච්ඤාවක් පටිගත කළෙමි. ඔහුගේ පියා වීඩියෝව නරඹා මාපටැඟිල්ලක් ඔසවමින් හදවතින්ම සතුට ප්‍රකාශ කළ බව ඔහු මට පසුව දැන්වුයේය. කනගාටුදායක ලෙස, දින කිහිපයකට පසු පියා මිය ගිය බවට මට තවත් විද්‍යුත් තැපෑලක් ලැබුණි. අවසන් හුස්ම හෙළන විට ඔහු තම බිරිඳගේ අත අල්ලාගෙන සිටියේය.

මගේ හදවත බිඳුණි. එවැනි ආදරයක්, එවැනි විනාශයක්. පවුලට ස්වාමිපුරුෂයෙකු සහ පියෙකු ඉතා ඉක්මනින් අහිමි විය. එසේ වුවද, හරියටම ආශීර්වාද ලබන්නේ මෙවැනි ශෝකයට පත් වූවන් බව යේසුස්වහන්සේ අවධාරණය කිරීම පුදුමයට කරුණකි: “ශෝකවන්නෝ ආශිර්වාදලද්දෝය;” ලෙස යේසුස්වහන්සේ පවසන සේක (මතෙව් 5:4). යේසුස්වහන්සේ දුක් විඳීම සහ දුක හොඳ බව මෙයින් අදහස් නොකළ සේක. නමුත් ඒ වෙනුවට දෙවියන්වහන්සේගේ දයාව සහ කරුණාව වඩාත් අවශ්‍ය අය කෙරෙහි වගුරුවන බව ය. මරණය නිසා හෝ තමන්ගේම පව්කාරකම නිසා හෝ ශෝකයෙන් මිරිකුණු අයට දෙවියන්වහන්සේගේ අවධානය සහ සැනසීම වඩාත් අවශ්‍ය වන අතර යේසුස්වහන්සේ අපට දෙන පොරොන්දුව වන්නේ “ඔවුහු සනසනු ලබන්නෝය” යනුවෙනි (4 පදය).

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන අප වෙත පැමිණෙන සේක (9 පදය). උන්වහන්සේ, අපගේ කඳුළු තුළ අපට ආශීර්වාද කරන සේක.