වේගයෙන් ජනප්‍රිය වූ වීඩියෝවක වයස අවුරුදු තුනක සුදු පටි කරාටේ සිසුවියක් ඇගේ උපදේශකයා අනුකරණය කළාය. කුඩා දැරිය ආශාවෙන් හා විශ්වාසයෙන් යුතුව තම නායිකාව සමඟ බැඳීමේ ප්‍රකාශය කීවාය. ඉන්පසුව, නිහතමානීව සහ අවධානයෙන් යුතුව හුරුබුහුටි හා ජවයෙන් යුත් කුඩා දැරිය ඇගේ ගුරුවරයා පැවසූ සහ කරන ලද සෑම දෙයක්ම ඉතා හොඳින් අනුකරණය කළාය.

යේසුස්වහන්සේ වරක් පැවසුවේ “ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නුමුත් සම්පූර්ණත්වයට පැමිණි සෑමදෙනම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නෝය” කියාය (ලූක් 6:40). උන්වහන්සේව අනුකරණය කිරීමට ත්‍යාගශීලීබව, ප්‍රේමණීයබව, විනිශ්චය නොකිරීම (37-38 පද), සහ ඔවුන් අනුගමනය කළේ කවුරුන්ද යන්න වටහා ගැනීම ඇතුළත් විය යුතු බව උන්වහන්සේ තම ගෝලයන්ට කීසේක: “අන්ධයෙකුට මගපෙන්වන්ට අන්ධයෙකුට පුළුවන්ද? ඔවුන් දෙදෙනම වළක නොවැටෙන්නෝද?” යනුවෙන් උන්වහන්සේ කී සේක (39 පදය). මෙම ප්‍රමිතිය අන්ධ මගපෙන්වන්නන් වූ මිනිසුන්ව විපත්තියට ගෙන යන ඵරිසිවරුන්ට සුදුසු බව උන්වහන්සේගේ ගෝලයන්ට වටහා දීමට උන්වහන්සේට අවශ්‍ය විය (මතෙව් 15:14). තවද ඔවුන් තම ගුරුවරයා අනුගමනය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමද අවශ්‍ය විය. මේ අනුව, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ අරමුණ විය යුත්තේ යේසුස්වහන්සේ හා සමාන වීමයි. එබැවින් ත්‍යාගශීලීත්වය සහ ප්‍රේමය පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේගේ උපදෙස්වලට ප්‍රවේශමෙන් අවධානය යොමු කර එය අදාළ කරගැනීම ඔවුන්ට වැදගත් විය.

අද දින යේසුස්වහන්සේව අනුකරණය කිරීමට උත්සාහ කරන ඇදහිලිවන්තයන් ලෙස, දැනුමෙන්, ප්‍රඥාවෙන් සහ හැසිරීමෙන් අපට උන්වහන්සේ හා සමාන වීමට හැකි වන පරිදි අපගේ උතුම් ගුරුවරයාණන්ට අපගේ ජීවිතයන් භාර දෙමු. උන්වහන්සේගේ ත්‍යාගශීලී, ප්‍රේමණීය මාර්ග පිළිබිඹු කිරීමට අපට උපකාර කළ හැක්කේ උන්වහන්සේට පමණි.