ඇගේ පළමු සැමියා මිය ගිය පසු ජෙන් නැවත විවාහ විය. ඇගේ නව සැමියාගේ දරුවන් කිසි දිනක ඇයව පිළි නොගත් අතර, දැන් ඔහුද අභාවප්‍රාප්ත වී ඇති බැවින්, ඔවුන් තම ළමා කාලයේ සිටි නිවසේ රැඳී සිටීමින් ඇයට වෛර කළහ. ඇගේ ස්වාමිපුරුෂයා ඇය වෙනුවෙන් සෑහෙන මුදලක් ඉතිරි කර තිබුණි. ඔහුගේ දරුවන් පවසන්නේ ඇය ඔවුන්ගේ උරුමය සොරකම් කරන බවයි. ජෙන් බොහෝ සෙයින් අධෛර්යමත් වූ අතර ඇය තිත්තකමක් වර්ධනය කර ගත්තාය.

නායොමිගේ ස්වාමිපුරුෂයා මුළු පවුලම මෝවබ් වෙත ගෙන ගියේය. එහිදී ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් මිය ගියහ. වසර ගණනාවකට පසු, නායොමි, ඇගේ ලේලිය වන රූත් සමඟ කිසි දෙයක් නැතුව හිස් අතින් බෙත්ලෙහෙමට පැමිණියාය. නගරය කලබල වූ අතර “මේ නායොමි දැයි” කියා ඇසුවෝය (රූත් 1:19). ඈද “මට නායොමි (ප්‍රසන්න, මිහිරි යන අර්ථය ඇති) යයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක. මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක” යයි කීවාය (20-21 පද).

ඔබේ නම තිත්ත වීමට කිසියම් අවස්ථාවක් තිබේද? මිතුරන්, පවුලේ සාමාජීකයින් හෝ සෞඛ්‍ය පිරිහීම නිසා හෝ ඔබ කලකිරීමට පත්ව ඇත්ද?. ඔබට වඩාත් යහපත් දෙයක් ලැබීමට තිබුණේය. නමුත් ඔබට එය ලැබුණේ නැත. දැන් ඔබ තිත්තකමින් සිටියි.

නායෝමි නැවත බෙත්ලෙහෙමට පැමිණියේ තිත්ත කමකින් වූවත් ඇය නැවත පැමිණියාය. ඔබටත් නිවසට පැමිණිය හැකිය. රූත්ගේ පරම්පරාවෙන් බෙත්ලෙහෙමේ උපන් යේසුස්වහන්සේ වෙතට පැමිණෙන්න. උන්වහන්සේගේ ප්‍රේමයෙහි විවේක ගන්න.

කාලයාගේ ඇවෑමෙන්, දෙවියන්වහන්සේ නායෝමිගේ තිත්තකම වෙනුවට උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්මේ ප්‍රීතිමත් ඉටුවීමක් සිදු කළ සේක (4:13-22). උන්වහන්සේට ඔබේ තිත්තකමටද එවැන්නක් කළ හැකිය. උන්වහන්සේ වෙත නිවසට පැමිණෙන්න.