දේවගැති වොරන් තම සභාවේ සභිකයකු ඔහුගේ බිරිඳ සහ පවුල හැර ගිය බව දැනගත් විට, ඔහු හා කථා කිරීමට හැකි වන පරිදි අහම්බෙන් මෙන් එම පුද්ගලයාව හමුවීමට උදව් කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේම, ස්වාමින්වහන්සේ එය කළ සේක! දේවගැති වොරන් අවන්හලකට ගිය විට, ඔහු අසළ මේසයක ඔහු සොයමින් සිටි තැනැත්තාව දුටුවේය. “තවත් බඩගින්නෙන් සිටින මිනිසෙකුට ඉඩක් තිබේද?” යනුවෙන් දේවගැතිතුමා ඇසු අතර, වැඩි කාලයක් නොගොස් ඔවුන් දේවල් ගැඹුරින් බෙදාගෙන එකට යාච්ඤා කළෝය.

දේවගැතිවරයෙකු ලෙස, වොරන් ඔහුගේ සභා ප්‍රජාවේ එඬේරෙකු ලෙස ක්‍රියා කළේය. ඒ අනාගතවක්තෘ එසෙකියෙල් හරහා දෙවියන්වහන්සේ තම රැළ රැකබලා ගන්නා බව පැවසූ ආකාරයෙනි. තම විසිර ගිය බැටළුවන් රැකබලා ගැනීමටත්, ඔවුන් මුදවා ගැනීමටත්, ඔවුන්ව එක්රැස් කිරීමටත් දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක (එසෙකියෙල් 34:12-13). උන්වහන්සේ “හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරය බවත්” සහ නැතිවූ අය සෙයා ගන්නා බවත් පන්නා දැමූ අය දෙවනුව ගෙනෙන බවත්; පොඩිවූ එකාගේ තුවාල බඳින බවත් ලෙඩවූ එකා ශක්තිමත් කරන බවත් උන්වහන්සේ (14-16 පද) පැවසූ සේක. දෙවියන්වහන්සේගේ සෙනඟ කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය මෙම සෑම රූපයක් තුළින්ම ප්‍රතිරාවය වන්නේය. එසෙකියෙල්ගේ වදන් දෙවියන්වහන්සේගේ අනාගත ක්‍රියාවන් අපේක්ෂා කළද, ඒවායින් පිළිබිඹු වන්නේ යම් දිනක යේසුස්වහන්සේ තුළින් තමාව හෙළිකරන දෙවියන්වහන්සේගේ සහ එඬේරාගේ සදාකාලික හදවතයි.

අපගේ තත්ත්වය කුමක් වුවත්, අපව ගළවා ගැනීමටද සාරවත් තෘණ භූමිවල අපට රැකවරණය ලබා දීමටද සොයමින් දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකු වෙතටම ළඟා වන සේක. තම බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කරන යහපත් එඬේරාව අප අනුගමනය කරනවාට උන්වහන්සේ මහත් සේ ආශා කරන සේක (බලන්න යොහන් 10:14-15).