මෑතකදී යෙහෙලියක විසින් මට තෑග්ගක් දුන් විට මම පුදුමයට පත් වීමි. ඇයගෙන් මේ තරම් ලස්සන තෑග්ගක් ලැබීමට මා වටිනා කෙනෙකු කියා මම නොසිතුවෙමි. ඇය මෙම තෑග්ග එවා තිබුණේ යම් වැඩ හේතුවෙන් මා අත්විඳින පීඩනයක් ගැන ඇසීමෙන් පසුවය. එහෙත්, වයසට යන දෙමාපියන් රැක බලා ගැනීමටත්, අභියෝග ගෙනෙන දරුවන් සමඟත්, රැකියාවේ බලවත් කැලඹීම් සහ ඇගේ විවාහයේ දුෂ්කරතා සමඟත් ඇය මට වඩා වැඩි ආතතියකින් සිටියාය. ඇය තමාට පෙර මා ගැන සිතුවා යැයි මට විශ්වාස කළ නොහැකි වූ අතර ඇගේ සරල තෑග්ග නිසා මගේ දෑසට කඳුළු ගලා ආවේය.

ඇත්ත වශයෙන්ම, අපි සියල්ලෝම අපට කිසිදා ලැබිය නොහැකි තෑග්ගක් ලබන්නන් වන්නෙමු. පාවුල් එය ගැන මෙසේ සඳහන් කළේය: “පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක — ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය” (1 තිමෝති 1:15). ඔහු වරක් “අපහාස කරන්නෙක්ව , නින්දා කරන්නෙක්ව සිටියද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ඇදහිල්ලද ප්‍රේමයද සමඟ අපගේ ස්වාමින්වහන්සේගේ කරුණාව ඉතා අධික විය” (13-14 පද). නොමිළයේ ලබා දෙන කරුණාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් උත්ථාන වූ යේසුස්වහන්සේ පාවුල්ට ලබා දුන් සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම තෑග්ග ලබන්න නුසුදුසු අයෙක් වීම යන්නෙන් අදහස් කරන දේ ගැන ඔහු ඉගෙන ගත් අතර ඔහු දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රබල මෙවලමක් බවට පත් වී දෙවියන්වහන්සේ ඔහු වෙනුවෙන් කර ඇති දේ ගැන බොහෝ දෙනෙකුට පැවසීය.

හෙළා දැකීම වෙනුවට ප්‍රේමය ද විනිශ්චය වෙනුවට දයාව ද අපට ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණි. අද, අපට, දෙවියන්වහන්සේ ලබා දී ඇති අසීමිත කරුණාව සමරමු, එමෙන්ම, එම කරුණාව අන් අයට ප්‍රදර්ශනය කිරීමට මාර්ග සොයමින් සිටිමු.