ඩොරිස් කර්න්ස් ගුඞ්වින් නමැති කතෘවරිය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ගැන පොතක් ලිවීමට තීරණය කළ විට, ඇමරිකාවේ දහසය වන ජනාධිපතිවරයා ගැන ඒ වන විටත් පොත් දාහතර දහසක් පමණ ලියා තිබීම ඇයව බිය ගැන්වීමට හේතු විය. මෙම ආදරණීය නායකයා ගැන කීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? නොසැලී, ගුඞ්වින්ගේ කාර්යයේ ප්‍රතිඵලයක් වූයේ “අ ටීම් ඔෆ් රයිවල්ස්” (A Team of Rivals :The Political Genius of Abraham Lincoln) නැමති කෘතිය පල වීමයි. ලින්කන්ගේ නායකත්ව විලාසය පිළිබඳ ඇයගේ නැවුම් තීක්ෂ්ණ බුද්ධිය ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට සහ ඉහළම සමාලෝචනයන්ට ලක්වූ පොතක් බවට එය පත්විය.

යේසුස්වහන්සේගේ දේවසේවය සහ වද විඳීම හා මරණය ගැන වූ අපෝස්තලු යොහන් විසින් ලියන ලද වාර්තාව වෙනස් අභියෝගයකට මුහුණ දුන්නේය. යොහන්ගේ ශුභාරංචියේ අවසාන පදය පවසන්නේ, “යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල් ද ඇත්තේය, ඒවා එකින් එක ලියන ලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි” (යොහන් 21:25) යනුවෙනි. යොහන්ට පාවිච්චි කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ තොරතුරු තිබුණි!

එබැවින් යොහන්ගේ උපාය මාර්ගය වූයේ ඔහුගේ කෘතියේ පුරාවටම යේසුස්වහන්සේගේ “මම වෙමි” යන ප්‍රකාශයන්ට සහාය දක්වන තෝරාගත් ආශ්චර්යන් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමයි. එහෙත් මෙම උපාය මාර්ගය පිටුපස මෙම සදාකාලික අරමුණ විය: එනම් “මේවා ලියන ලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය” යන්නයි (20:31). කඳු ගණන් වූ සාක්ෂි අතරින්, යොහන් යේසුස්වහන්සේව විශ්වාස කිරීමට හේතු ඉතා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළේය. අද දින ඔබට උන්වහන්සේ ගැන කිව හැක්කේ කාටද?